Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
"නළුවන්ගෙන් විවාහ යෝජනා එනවා, හැබැයි ඒවා අයුතු යෝජනා වගේ, විවාහ යෝජනාද කියලා සැකයි.." - ෂෙහානි කහදවල - Photos

- "නළුවන්ගෙන් විවාහ යෝජනා එනවා, හැබැයි ඒවා අයුතු යෝජනා වගේ, විවාහ යෝජනාද කියලා සැකයි.." - ෂෙහානි කහදවල - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,068 Views
"කතා කරගෙන එද්දි මං දන්නවා මේ මොකාටද එන්නේ කියලා.."

"මගේ අම්මව බලාගන්න ඉන්නෙ මං විතරයි, ඒ නිසා එහෙම යන්න බැහැ.."
 
කෙටි කලකින් ජනතාවගේ ආදරේ දිනා ගන්න සමත් වුනු නිලියක් හැටියට ෂෙහානි කහදවල හදුන්වා දෙන්න පුළුවන්. නවක නිලියක් හැටියට විවිධ චරිතවලින් ජනතාව අතරට එන ෂෙහානි ගැනයි මේ.

ෂෙහානි ඉතා දිගු කලක් ඔබ නිහඬව සිටියා?
ඔව්,
 
මෙදා සැරේ ඒ නිහඬ බව බිඳින්නේ මොන වගේ නිර්මාණවල රඟපාමින්ද?
රොමේෂ් සුගතපාල අයියගෙ අලුත්ම මියුසික් වීඩියෝවෙ රඟපෑවා. ඒකෙ නම මිහිරාවි. තව විශේෂම කාරණයක් තියෙනවා. මට හින්දි සින්දුවක වීඩියෝවක රඟපාන්න ලැබුණා. මේ මාසෙ ඒක රිලීස් වෙනවා. රාජ්දීප් චැටර්ජි කියන බොලිවුඩ් ගායකයා තමයි සින්දුව කිව්වේ.
 
ඔබට ලැබෙන සෑම චරිතයක්ම ඔබ බාර ගන්නේ නැහැ. මොනවද ඊට හේතු?
එකක් මූල්‍යමය ගැටලු. මං රංගන කලාවේ වටිනාකම අඩු කර ගන්නේ නැහැ. මේකට හරි මිලක් තියෙන්න ඕන. තමන්ම හදාගත්තු නමත් එක්ක කියන්න පුළුවන් මිලක් තියෙනවානෙ. අපි ඒවා පහතට දමන්න අවශ්‍ය නැහැ කියන මතයේ මං ඉන්නවා. ඒ වගේම සමහර නාට්‍යවලට ගිහින් මාස කිහිපයක් ගමක නැවතිලා ඉන්න ඕන. මට එහෙම ඉන්න බැහැ. මගේ අම්මව බලාගන්න ඉන්නෙ මං විතරයි. ඇයව දාලා දුර නාට්‍යවලට යන්න බැහැ.
 
ඔබ ආඩම්බරකාර චරිතයක් කියලා සමහරු කියනවා?
මා මං ගැන ආඩම්බරයි. ඔබ ඔබ ගැන ආඩම්බර වෙනවා වගේ මං මං ගැන අඩම්බරයි. වෙන ආඩම්බරකමක් නැහැ.
 
ඔබ විරාමයක් ලබා ගනිමින් රඟපාන්නේ ඇයි? කාලෙකදි ඔබ පේන්නත් නැහැ?
එහෙම තමයි නිළියක් වුණාම. නිතර පේන්න ඉන්න අවශ්‍ය නැහැ. අවුරුද්දට බාර ගන්නේ එක නාට්‍යයද ඒක හරියට කරන්නයි මගේ අදහස.
 
ඔබ රඟනොපා ඉන්න කාලය තුළදී ඕනෑ තරම් ක්ෂේත්‍රයට ඔබේ පරපුරේ නිළියෝ එනවා. ඒ අය ඔබට අභියෝගයක් නොවේද?
අභියෝගයක් නම් තමයි. ඒ මොහොතවල්වලට මං දැනගන්න ඕන මගේ සැඟවුණු දක්ෂතා මඟින් හැකියාව පෙන්වන්න. සමහරුන්ට තියෙන දක්ෂතා මට නැහැ. මට තියෙන දේවල් ඔවුනට නැහැ. අන්න ඒ හැකියාවෙන් ඒ කියන්නේ හිඩ්න් ටැලන්ට්ස්වලින් ප්‍රයෝජනයක් ගන්නවා නම් කාටවත් කවුරුවත් අභියෝගයක් නෙවෙයි.
 
ෂෙහානි මේ වන විට පෙම්වතියක්ද?
පෙම්වතියක් වෙලා හිටියා. දැන් නැහැ.

ක්ෂේත්‍රයේ අයගෙන් විවාහ යෝජනා එනවා ඇති?
ඔව්. හැබැයි ඒවා විවාහ යෝජනාද කියලා සැකයි.
 
එහෙනම් ඒවා අයුතු යෝජනාද?
එහෙම තමයි බොහෝ විට. කතා කරගෙන එද්දි මං දන්නවා මේ මොකාටද එන්නේ කියලා. අයියේ මට ඔයා මගේම අයියා කෙනෙක් වගෙයිනෙ කියලා ෂේප් වෙනවා.
 
ෂෙහානිගෙ ගම කොහෙද?
කඩුවෙල.

ඉගෙන ගත්තු පාසල?
මුණිදාස කුමාරතුංග විදුහල, බෝමිරිය.

උපන් දිනය?
පෙබරවාරි විසි හතර.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?
දඟ, ඉක්මනින් තරහා යන ගායනයටත් දක්ෂ කෙනෙක්.

ප්‍රසාද් සමරතුංග

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top