පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන විස්සයි විස්ස ක්‍රිකට්තරගයේදී වම් පාදයේ දණහිස අබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් සති 6 කට විවේක ගන්වා ඇති බවයි වාර්තාවන්නේ.
ඔහු ඊයේ දිනයේදී ස්කෑන් පරික්ෂණයකට ද යොමුකර තිබුණා.
තරඟයේ අවසාන පන්දු වාරයේදී නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 7 ක් අවශ්‍යව තිබූ අතර එම පන්දු වාරයේ පළමු පන්දු දෙකේ දී කඩුලු දෙකක් දවා ගන්නට වනිඳු හසරංග සමත් වුණා.
තෙවන පන්දුවට මිචෙල් සැන්ට්නර් එල්ල කළ පහර උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට ෂෙහාන් ජයසූරිය සමත් වුවත් එම පන්දුව වෙත දිව ආ කුසල් මෙන්ඩිස් ගේ පාදයේ වැදීම හේතුවෙන් ඔහුව පන්දුවත් සමග හතරේ සීමාවේ ස්පර්ශ වුණේ ප්‍රතිවාදීන්ට ලකුණු 6 ක් ලබා දෙමින්.
මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් නවසීලන්තය අවසන් පන්දු වාරයේ පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යන්නට සමත් වුණා.
උඩ පන්දුවක් වෙත දිව ඒමේදී ක්‍රීඩකයන අතර අනිවාර්යයෙන්ම පැවතිය යුතු අන්‍යෝන්‍ය අවබෝධය නොමැතිවීම හරහා සිදුවුණේ තවත් තරගාවලි පරාජයක කටුක අත්දැකීම ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවීමයි.
මෙම අනතුරට මුහුණදුන් ෂෙහාන් ජයසූරියගේ සහ කුසල් මෙන්ඩිස්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල නිලධාරියෙක් හිරු ස්පෝර්ට්ස් වෙත සඳහන් කළා.