2019 වර්ෂය සදහා සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වන පාසල් වාරය අද ආරම්භ වනවා.
කෙසේ වෙතත් උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවල පිළිතුරුපත්‍ර ඇගයීමට සම්පූර්ණයෙන් යොදා ගන්නා පාසල් 12ක් මේ මස 16 වනදා දක්වා වසා තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
ඒ අනුව කොළඹ - රාජකීය , කොළඹ නාලන්දා , බම්බලපිටිය හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා , මහනුවර - කිංග්ස්වුඞ්, මහනුවර විහාරමහා දේවි බාලිකා මහා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක , බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාල මේ මස 16 වනදා දක්වා වසා තැබෙනු ඇති.