මඩකලපුව - කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළදමා ඇති පාස්කු ඉරිදා සියොන් දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්වාදියාගේ හිස කොටස අද යළි ගොඩගැනීමට නියමිතයි.
ඒ, මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීමක් අනුව, අදාළ නියෝගය ලබාදී තිබුණා.
ඒ අනුව, මෙම ත්‍රස්තයාගේ සිරුරු කොටස් දැනට මිහිදන් කර ඇති ස්ථානයෙන් ගොඩගෙන නිශ්චිතව එය මිහිදන් කිරීම සඳහා ස්ථානයක් හඳුනා ගෙන එම ස්ථානයේ තැන්පත් කරන ලෙසටයි මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නියෝග කළේ.
සියොන් දේවස්ථාන ප්‍රහාරකයාගේ සිරුරු කොටස් මඩකලපුව - කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළ දැමීමට එරෙහිව පසුගිය දිනවල විරෝධතා එල්ල වීමත් සමඟයි අධිකරණය අදාළ නියෝගය ලබාදී තිබුණේ.