Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට සේවා දිගුවක්

- අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට සේවා දිගුවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,587 Views
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ නිළ කාලය මේ වසරේ දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එලෙස ඔහුගේ නිළ කාලය දීර්ඝ කළ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. 

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබුවේ 2017 වසරේ අගෝස්තු 22 වන දායි. 2015 වසරේ ජුලි 11 වන දා සිට ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස ද කටයුතු කළා. 

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කැඩෙට් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවට එක්වූයේ 1980 වසරේ නොවැම්බර් 1 වන දායි. 

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බල ගණය මෙහෙය වූ ඔහු යුද සමයේ පූනරීන් මෙහෙයුමේදී පෙරමුණ ගත් සෙන්පතියෙක්. 

නාවික හමුදා මෙහෙයුම්වලදී දැක්වූ වීරත්වය උදෙසා ඔහුට රණවික්‍රම සහ රණශූර ආදී සම්මාන පදක්කම් ද හිමි වී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top