එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඉදිරිපත් වන්නේ නම් තමන් ඇතුළු කිහිප දෙනෙකු සහය දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත සහ රංජිත් සොයිසා අත් ඔසවමින් ප්‍රතිචාර දැක් වූ බවයි පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
වාචික පිලිතුරු අපේක්ෂාවෙන් යොමු කළ පැනයක් අතරතුරයි මෙම කතා බව ඇති වුණේ. නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස වෙත වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්ණයකට පිලිතුරු ලබාදීම සඳහා ඔහු සභාවේ නොසිටීම නිසා විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.
පසුව ඊට මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ අමාත්‍ය ගයන්ත කරුණාතිලක ද මැදිහත් වුණා.