Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
22
රජයේ වෛද්‍යවරුන් අද පෙරවරු අටේ සිට වර්ජනයක

- රජයේ වෛද්‍යවරුන් අද පෙරවරු අටේ සිට වර්ජනයකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

841 Views
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 24 ක දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ආරම්භ කරනවා. 

බාල ඖෂධ සහ රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රමවේදයේ පිළිබඳ ගැටළු සහ නුසුදුස්සන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට ගන්නා උත්සාහය ඇතුලු කරුණු 8 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය දියත් කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප්‍රකාශ කළේ. 

මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල සහ විශේෂිත වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිධ හමුදා රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකරන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම වර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ කිසිදු සහයෝගයක් නොමැති බව එහි කමිටු සාමාජික වෛද්‍ය නිරෝෂන ප්‍රේමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා.  
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top