Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
21
16 හැවිරිදි නැගණියගේ වරදට පොලිසියත් එක්ක පැටළී අත්අඩංගුවට ගත් එ.ජා.ප මන්ත්‍රිනී දුලක්ෂි චමෝදරී රක්ෂිත බන්ධනාගාරගත කරයි - Video

- 16 හැවිරිදි නැගණියගේ වරදට පොලිසියත් එක්ක පැටළී අත්අඩංගුවට ගත් එ.ජා.ප මන්ත්‍රිනී දුලක්ෂි චමෝදරී රක්ෂිත බන්ධනාගාරගත කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75,575 Views
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාලව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු සහ ඇගේ වැඩිමහල් සොහොයුරිය මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි චමෝදරීගේ 16 හැවිරිදි නැගණිය පෙරේදා සවස NW – BCJ 6963 දරණ යතුරු පැදිය රියදුරු බලපත්‍රයද නොමැතිව අධික වේගයෙන් ධාවනය කර තිබෙනවා.

පොලිසිය වෙන්නප්පුව සීනෝර් මංසන්ධිය අසල මාර්ග බාධකයකදී ඇගේ යතුරු පැදිය නතරකරන ලෙස අණ කර ඇත්තේ එම අවස්ථාවේදීයි.
 

එහිදී එම තරුණිය ඇගේ සහෝදරිය වන වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීණීවරිය දුරකථන ඇමතුමක් ලබාදී එම ස්ථානයට කැදවා තිබෙනවා.

මේ එහි පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය, ඇගේ පියා හා වැඩිමහල් සහෝදරිය පොලිස් රාජකාරියට බාධා කළ අයුරුයි.

රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් 21 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී සිටි දුලක්ෂි චමෝදරීගේ වැඩිමහල් සොයුරිය වන සුපුණි දුලාංජලීද අද අධිකරණයට භාරවුණා.

එහිදී අධිකරණය නියෝග කළේ ඔවුන් දෙදෙනා මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් යතුරුපැදිය පැදවූ 16 හැවිරිදි ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරියගේ නැගණිය හා ඇගේ පියා රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top