මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් සහ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් ඉදිරිපත් කළ මෙම ඒකාබද්ධ යෝජනාවට ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අනුව, මෙම පනතේ අන්තර්ගතව තිබූ මුස්ලිම් ජාතිකයෙකු විවාහ විය යුතු අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දමා තිබෙනවා.
...