බෝනික්කන් පිළිබඳ ඔහුගේ මේ ගුප්ත කතාව ලෝකයට හෙළිදරව් වන්නේ 2011 වසරේදී. ඒ මේ බෝනික්කන්ට යම් කාලයකදී පණ තිබූ බව සැලවීමත් සමඟයි.
1966 වසරේ උපන් ඇනටෝලි භාෂා 13ක් පහසුවෙන් හසුරුවන්න පුළුවන් පුද්ගලයෙක්. ඔහුගේ විෂය පිළිබඳ දන්නා නිසා බොහෝ දෙනා ඔහුගේ සුසාන භූමිවල කරන අධ්‍යනයන්ට සහයෝගය දැක්වූවා.
2011 වසරේ එක්තරා ලිපියකින් ඔහු ඉඟියක් ලබා දුන්නා. ඒ තමා කුඩා කල මිය ගිය දැරියක සමඟ විවාහ කරවූ බවටයි. නව යොවුන් තරුණ ඇනටෝලි මොස්ක්වින්ට මළසිරුරු සිපගැනීමේ ආශාව තදින්ම දැණුනා. ඒ නිසා සුදුසු සිරුරු සොයා සුසාන භූමිවල ඇවිද යන්නට වුණා.
ඔහු කිසිවෙකුගේ සැකයට භාජනය නොවුණේ විශේෂඥයෙක් විදිහට සමාජය ඔහුව දැන අඳුනගෙන සිටි නිසයි. 2005 - 2007 කාලය තුළ ඔහු විසින් සුසානයන් 752ක් අධ්‍යයනය කර තිබුණා.
කලක් පටන් මිෂ්නිමොග්රහි තරුණියන් සහ දැරියන් මිහිදන් කළ සිරුරු හාරා සොරකම් කරගෙන යාමක් වාර්තා වුණා. 2009 වසර වන විට මේ තත්ත්වය උග්‍ර වුවත් සොරා කවුදැයි හඳුනාගන්නට බැරිවුණා.
කාලයත් සමඟ ඒ වෙන කිසිවෙකු නොව ඇනටෝලි බව හඳුනාගන්නවා.
ඒ වන විට 45 වන වියේ පසු වූ ඇනටෝලි මෙම සිරුරු මමීකරණය කොට බෝනික්කන් ලෙස සකසා තිබුණා. සමහර සිරුරවලට ප්ලාස්ටික් ඇස් ද සවි කර තිබුණු අතර ඒ සිරුරු අවට සෙල්ලම් බඩුද තබා තිබුණා.
පොලීසිය ඔහුගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරන විට ඔහු දුන්නේ සංවේදී පිළිතුරක්.
"පාළුවට තනිකමට මම මෙහෙම කළේ.. දරුවෙක් හදාගන්න තරම් වත්කමක්වත්, නීතියෙන් අවසරයක්වත් නැති හින්දා මම මේ විදිහට ඔවුන්ව බලාගත්තා. අනාගතේ දවසක එයාලට පණ දෙන්න පුළුවන් ක්‍රමයක් සොයමිනුයි මම හිටියේ.."
මේ සියලුම බෝනිකි දරුවන්ගේ උපන්දින පවා ඔහු සමරා තිබුණූ අතර ඔවුන් තමාගේ දරුවන් සේ සැලකූ බවයි වාර්තා වන්නේ.
මානසික ආබාධයකින් පෙළෙන බව අනාවරණය වීමත් සමඟම සිරගතව සිටියදීම ප්‍රතිකාර ලබන්නත් ඔහුට සිදු වුණා.
මළිසිරුරවලින් බෝනික්කන් හැදූ ඇනටෝලි මොස්ක්වින්. (පහත ඡායාරූප බලන්න.)
ඔහු විසින් එම සිරුරු මමීකරණය කර තිබූ අතර, ප්ලාස්ටික් ඇස්ද සවිකර තිබූ අයුරු පහතින් බලන්න.
ඇනටෝලි අත්අඩංගුවට පත්වීමෙන් පසු.. (පසුව ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවට හෙළි වූ අතර ඒ සඳහා ප්රතිකාරද ලබාගෙන තිබුණා.)