නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ගොස් සිටි එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් සියළු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර, බහුදින ධීවර යාත්‍රාවක් උපයෝගී කර ගනිමින් එම පිරිස ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බව සඳහන්.
විශේෂ ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාවේ සිට එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසකගේ රැකවරණය යටතේ මෙම පිරිස මෙරටට පිටුවහල් කර තිබුණා.
කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් භාර ගැනීමෙන් පසුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.