Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
13
උණුසුම් පිළිගැනීම් මැද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහනුවරට ගිය ගමන - Video

- උණුසුම් පිළිගැනීම් මැද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහනුවරට ගිය ගමන - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික අටමස්ථානය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ මහනුවර බලා ගමන් ආරම්භ කළා.

මහනුවරට යන අතරමඟදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 6.30 ට පමණ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට පැමිණියා.

මේ අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.
 

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායකවරයා පළමුවෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පැමිණියේ ඉන් අනතුරුවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතළු සියලු රට වැසියන්ට සෙත්පතා සෙත්පිරිත් සඣජායනයක් ද එහිදී පැවැත්වුණා

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව මිරිසවැටිය රජමහා විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය ඊතනවැටුණු වැවේ ඥානතිලක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

පෙරවරු 9 ට පමණ ලංකාරාම රජමහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැදුටුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා අභයගිරිය රජමහා විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය කල්ලන්චියේ රතනසිරි හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේ ඉන් අනතුරුවයි.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පැමිණියේ ඓතිහාසික ජේතවනාරාම පුදබිමටයි.

එහිදී ජේතවනාරාමාධිපති පූජ්‍ය ඉහල හල්මිල්ලෑවේ රතනපාල හිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත්තා.

පෙරවරු 10.30ට පමණ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වූ පිරිස විහාරාධිපති පූජ්‍ය නුගෙහිතැන්නේ පඤ්ඥාලෝක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ 73 වැනි ජන්ම දිනය සැමරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එක්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රෙස්න මහතාගේ නිවසටයි

ඉන් අනතුරුව පිරිස ඓතිහාසික අනුරාධපුර නගරයේ සිට මහනුවර දක්වා ගමන් ආරම්භ කළා.

ඒ අතරතුර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම වෙනුවෙන් කැකිරාව නගරයේදී උත්සවයක් සංවිධාන කර තිබුණා.

අනතුරුව මාතලේ බුලාගල ප්‍රදේශයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම වෙනුවෙන් උත්සවයක් සංවිධාන කර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top