Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
දෙවියන්ට භාරයක් වුණා - මහනුවර ශ්‍රී දළදා පෙරහැරට 70 හැවිරිදි ටිකිරි ඇතින්න යොදාගත් හේතුව ගැන හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයෙන් පැහැදිලි කිරීමක් - Video

- දෙවියන්ට භාරයක් වුණා - මහනුවර ශ්‍රී දළදා පෙරහැරට 70 හැවිරිදි ටිකිරි ඇතින්න යොදාගත් හේතුව ගැන හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයෙන් පැහැදිලි කිරීමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,298 Views
සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වුණා....
විවේචන එල්ලවෙන්නේ ටිකිරි ඇතින්නට ආදරේට නෙමෙයි

මහනුවර ශ්‍රී දළදා පෙරහැරට 70 හැවිරිදි ටිකිරි නැමති ඇතින්න යොදාගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමය පවසන්නේ ටිකිරි ඇතින්න යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඇතින්න වෙනුවෙන් විශ්ණු දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීමට මෙලෙස ඇය පෙරහැරට යොදාගත් බවයි.

70 හැවිරිදි ටිකිරි නැමති ඇතින්න මහනුවර ශ්‍රී දළදා පෙරහැරට යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
 

ඊයේ දිනට යෙදී තිබූ ලෝක හස්තින්ගේ දිනයේදී වැහැරුණු සිරුරක් සහිත ටිකිරි ඇතින්නගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළට එක්කර තිබුණේ ‘සෙන්ඩුයීන් චායිලට්‘ නැමැති තායිලන්ත සත්ත්ව අවිහිංසාවාදී ක්‍රියාකාරිනියක් විසින්.

ඇය ආසියානු අලි ඇතුන්ගේ සංරක්ෂණය සදහා පිහිටුවා ඇති සේව් එළිෆන්ට් පදනමේ පුරෝගාමී සාමාජිකයෙක්.

ඇය සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනේ දැක්වෙන්නේ අඛණ්ඩව දින 10 ක් රාත්‍රි කාලයේ දැඩි ශබ්දය, ගිනි කෙළි හා දුමාරය හමුවේ ටිකිරිට කිලෝමීටර් ගණනාවක් පාද චාරිකාවේ නිරත වීම දුෂ්කර බවයි.

අලංකාර වස්ත්‍රාභරයෙන් සැරසූ පසු ඇගේ නෙත්වලින් ගලන කඳුළු කිසිවෙකුටත් නොපෙනෙනු ඇති බවයි ඇය සිය සටහනේ දක්වා තිබුණේ.

‘‘අඛණ්ඩව දින 10 ක් රාත්‍රි කාලයේ දැඩි ශබ්දය, ගිනි කෙළි හා දුමාරය හමුවේ ටිකිරිට කිලෝමීටර් ගණනාවක් පාද චාරිකාවේ නිරත වීම දුෂ්කරයි.‘‘
‘‘අලංකාර වස්ත්‍රාභරයෙන් සැරසූ පසු ඇගේ නෙත්වලින් ගලන කඳුළු කිසිවෙකුටත් නොපෙනෙනු ඇති.‘‘

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය හරහා එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අප හීලෑ අලි ඇතුන් භාරකරුවන්ගේ සංගමයේ ලේකම් සහ මහනුවර දළදා මාලිගාවේ ශ්‍රී විශ්ණු දේවාලයේ අලි ඇතුන් භාරව සිටින දම්සිරි බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළා.

කෙසේ වෙතත්, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ විශ්ණු දේවාලය භාර බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා සදහන් කර ඇත්තේ අද රාත්‍රි පෙරහැරට ටිකිරි ඇතින්න සහභාගී නොවන බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top