Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
"කුණුහරපෙන් බැනලා මැසේජ් එවලා. නංගීගේ පින්තූර ෆේස්බුක් දානවා කිව්වා.." - නැගණිය වූ නිශාට කළ තර්ජනය දැක, හමුදාවෙන් නිවාඩු ආ අයියා, පෙම්වතාට සිදුකළ අපරාධය හෙළිවෙයි

- "කුණුහරපෙන් බැනලා මැසේජ් එවලා. නංගීගේ පින්තූර ෆේස්බුක් දානවා කිව්වා.." - නැගණිය වූ නිශාට කළ තර්ජනය දැක, හමුදාවෙන් නිවාඩු ආ අයියා, පෙම්වතාට සිදුකළ අපරාධය හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,254 Views
"මම නංගීට කිව්වා ඌට එන්න කියලා මැසේජ් එකක් දාන්න කියලා..."

"මම පොල්ලකුත් අරන් වත්ත පිටිපස්සේ හැංගිලා හිටියා.."
 
ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ සෙබළ එච්.පී. රොෂාන් සෝමතිස්ස නාඳුනන පුද්ගලයකු එල්ල කළ පොලු පහරවලින් ජිවිතක්ෂයට පත්වූයේ පසුගිය ජූලි මස දෙවනදා රාත්‍රීයේ දීයි. ඒ ලැබුණු කෙටි පණිවිඩයකට අනුව පෙම්වතිය හමුවීම සඳහා ඇයගේ නිවසට ගිය අවස්ථාවේදී යි.
 
එදින මොහු මෙම ගමන යාමට පිටත් වන්නේ මිතුරන් සමඟ සාදයකට එක්ව සිටින අතරතුරයි. ඒ ගමනට එතැන සිටි මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකු ද කැඳවාගෙන යන අතර ඔවුන් පා ගමනින් ඇගේ නිවස වෙත යන්නේ කැලෑ මාර්ගයකිනුයි.

ඉන් ටික වෙලාවකට පසු රොෂාන් හා ගිය මිතුරා ඒ වන විට තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ මත්වතුර තොලගාමින් සිටි අනෙක් මිතුරා අසළට දිවවිත් පවසන්නේ "රොෂාන්ට යමෙකු පොලු පහර දෙනු දුටු" බවත්, තමන් ආපසු හැරී ආ බවයි.
 
පසුව මිතුරන් එක්ව ත්‍රීරෝද රථයකින් රොෂාන්ගේ පෙම්වතියගේ නිවසට යන අතර ඒ අවස්ථාවේදී නිවසින් එළියට ආ ඇයගේ මව පවසා තිබුණේ, මෙවැනි සිද්ධියක් ගැන තමන් කිසිවක් නොදන්නා බවයි.
 
එම ගෙවත්ත හරහා පිටුපස වගුරු ප්‍රදේශයට ගොස් සෝදිසි කිරීමේදී වගුරුබිමේ වැටී සිටි රොෂාන් හමුවන අතර ඔහු රෝහලට රැගෙන යන මිතුරන් මාවනැල්ල පොලීසියට දැනුම් දෙන්නේ ඉන් අනතුරුවයි.
 
විමර්ශන ආරම්භ කළ පොලීසිය සිද්ධිය වූ ස්ථානය බලා පිටත්ව යන අතර ඔවුන් යන්නේ ද පෙම්වතියගේ නිවසටයි. ඒ.... රොෂාන් මැරි වැටී සිටි ස්ථානයට යා හැක්කේ මෙම ගෙවත්ත හරහා වීම නිසාත්, එම නිවසේ ඔහුගේ පෙම්වතිය සිටින බව දැනගත් නිසයි.
 
පොලීසිය යන විට එම නිවසේ විදුලි බුබුලු නිවා දොර ජනෙල් වසා තිබුණා. පොලිස් කණ්ඩායම දොරට ගසමින් කතා කළ අතර දොර විවෘත කරගෙන පවුලේ මවත්, දියණියන් දෙදෙනාත් එළියට පැමිණ තමන්ට කතා කළේ කුමක් සඳහා දැයි විමසුවා.
 
එවිට ඔවුන් පොලිස් කණ්ඩායමට පවසා සිටියේ එවැනි පහරදීමක් ගැන තමන් කිසිවක් නොදන්නා බවයි. අනතුරුව පොලීසිය මෙම ඝාතනයේ අනෙක් විමර්ශන කටයුතු සඳහා යොමු වූ අතර මාවනැල්ල රෝහලට ගිය පොලිස් කණ්ඩායමට දැනගැනීමට ලැබුණේ තුවාලකරු සිහිසුන් තත්ත්වයේ සිටින බවයි.
 
පසුදින අලුයම් කාලයේදී රොෂාන් මිය යන අතර ඒ හේතුවෙන් මෙම සිද්ධිය ගැන කිසිදු තොරතුරක් දැනගැනීමට විමර්ශන කණ්ඩායමට හැකිවූයේ නැහැ. එදින උදේ රැයින්ම පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය සිද්ධිය වූ පෙම්වතියගේ නිවස පිටිපස වෙල සෝදිසි කළා. එවිට රොෂාන්ට පහර දුන් බවට සැක කෙරෙන පොල්ල සොයා ගැනීමට හැකිවුණා.
 
මෙම පරීක්ෂණ සඳහා කෑගල්ල අපරාධ නිල සුනඛයා ද කැඳවා තිබුණා. එම සුනඛයාට ඉව ඇල්ලීම සඳහා ලබා දුන්නේ වෙලේ තිබී හමුවූ පොල්ලයි. එය හොඳින් ඉව කළ සුනඛයා කෙළින්ම ගියේ රොෂාන්ගේ පෙම්වතියගේ නිවස දෙසටයි.
 
සිද්ධිය වූ දින රාත්‍රීයේ මේ නිවස මවකුත් තරුණ දියණියකුත් ලාබාල දැරියකුත් සිටියත් උදේ බලන විට නිවස වසා දමා ඔවුන් ප්‍රදේශය හැර ගොස් තිබුණා. ඒ හේතුවෙන් රොෂාන් ඝාතනයේ සැකය මෙම පවුල වෙත යොමු වුණා.
 
දීර්ඝ විමර්ශනයක යෙදුණ පොලිස් කණ්ඩායමට රොෂාන්ගේ පෙම්වතියට වැඩිමහල් සහෝදරයෙකු සිටින බවත් ඔහු සේවය කරන්නේ යුද හමුදාවේ බවත් දැනගත හැකිවුණා. ඔහු සොයා යුද හමුදාවෙන් විමසද්දි දැනගන්නට ලැබුණේ ඔහු නිවාඩු ලබා ගෙන කඳවුරෙන් පිටව ගොස් ඇති බවයි. මසකට ආසන්න කාලයක් සිදුකළ විමර්ශනවලදී රොෂාන්ගේ පෙම්වතිය ඇතුලු පවුලේ අය රට වටේ නොයෙක් ප්‍රදේශවල ජිවත්වන බවට තොරතුරු ලැබුණා. මොවුන් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව ගිය ද ඒ වන විට මොවුන් එම ප්‍රදේශය හැර ගොස් සිටියා. අවසන් වශයෙන් තොරතුරු ලැබෙන්නේ මොවුන් පාදුක්ක, මීපේ ප්‍රදේශයේ බෝඩිමක කල් ගෙවන බවයි.
 
එම තොරතුරට අනුව මාවනැල්ල පොලීසියේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් අදාළ නිවස වටලන අතර එහි කාමරයක් කුලියට ගෙන සිටි මවත් දියණියන් දෙදෙනාත් අල්ලා ගැනීමට හැකි වුණා. ඉන් අනතුරුව මේ පවුලේ වැඩිමල් සහෝදරයා වන යුද හමුදා සෙබළා පොලීසියට බාර වන අතර මොවුන් ලබා දුන් කටඋත්තරවලින් රොෂාන් ඝාතනයේ සියලු තතු හෙළි කරගැනීමට පොලීසියට හැකි වුණා.
 
එම තොරතුරුවලට අනුව රොෂාන් හා නිශා අසල්වැසි ගම් දෙකක පදිංචිකරුවන්. මේ දෙදෙනා දැන හඳුනා ගන්නේ පාසල් අවදියේදියි. හිරිමල් වියේ පසු වූ මේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වූ අතර උසස් අධ්‍යාපනයට යොමු නොවූ රොෂාන් යුද හමුදාවට එක්වුණා.
 
නිශා දිගටම අධ්‍යාපන කටයුතුවල නිරත වූ අතර මේ දෙදෙනාගේ සම්බන්ධය ද දිගටම පැවතුණා. සිද්ධිය වූ දිනයේ නිශාගේ අයියා නිවසට එන අතර ඒ වන විට නිශා ජංගම දුරකථන කොටමින් සිටිනු ඔහු දුටුවා.
 
යෞවන වියේ එනම වයස අවුරුදු දහ අටක් වන නැගණිය ජංගම දුරකථනයේ එල්ලීගෙන සිටින්නේ පෙම්වතා සමඟ විය යුතු යැයි සැකකළ ඔහු ඇය අතින් එය උදුරාගන්නේ ඔහු මේ සම්බන්ධයට කැමැත්තක් නොදැක්වූ නිසයි.
 
නැගණියගේ ජංගම දුරකථනයේ කෙටි පණිවුඩ සෝදිසි කළ අයියා දකින්නේ ඒවා අතර තර්ජනාත්මක පණිවුඩද ඇති බවයි.
 
"නංගිගේ ෆෝන් එකේ තිබුණ මැසේජ්වල නංගිට කුණුහරපෙන් බැනලා තිබුණා. නංගී කතා කරන්න අමාරුයි කියලා කිව්වම තමයි ඒ විදිහට කුණුහරපෙන් බැනලා මැසේජ් එවලා තිබුණේ. නංගීගේ පින්තූර වගයක් ෆේස්බුක් දානවා කියලත් තර්ජනය කරලා මැසේජ් එවලා තිබුණා. ඒකට මට තරහා ගියා.."
 
"මම නංගීට කිව්වා ඌට එන්න කිවලා මැසේජ් එකක් යවන්න කියලා. නංගි මැසේජ් එක යැව්වා. පස්සේ මම පොල්ලකුත් අරන් වත්ත පිටිපස්සේ හැංගිලා හිටියා. ඌ වත්ත පිටිපස්සෙන් එන්නේ කියලා මම දන්න නිසයි එතන හැංඟිලා හිටියේ..."
 
"මිනිහා අපේ වත්ත ළඟට එද්දිම මම පොල්ලෙන් කකුල්වලට ගැහුවා. ඒ පාර කාගෙන මිනිහා ආපහු හැරිලා දුවන්න ගත්තා. කැලෑව පහුවුණාම පුරන් වෙච්ච වෙල තියෙන්නේ. ඒකේ මඩවල එරිලා මිනිහා වැටුණා. මම ළඟට ගිහින් පොල්ලෙන් ගහගෙන ගහගෙන ගියා.."
 
"පස්සේ පොල්ලත් එතන දාලා මම ගෙදර ගිහින් හැංඟිලා හිටියා. පහුවෙනිදා එළිවෙන්න කලින් අපි ගෙදරින් පැනලා ගියා..." සැකකාර යුද හමුදා සෙබළා එලෙස සියල්ල හෙළි කළා.
 
මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මවත්, නිශාත්, යුද හමුදා සෙබළාත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් වයස අවුරුදු දහයක් වූ දියණිය පියාට භාර දීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
 
මේ පවුලේ පියා ද හිටපු යුද හමුදා සෙබළෙක්. සේවයෙන් විශ්‍රාම ගෙන සිටින ඔහු යක්කල පැත්තේ පුද්ගලික පාසලක ආරක්ෂක සේවයේ නිරතව සිටිනවා. ඔහු එලෙස පවුලෙන් ඉවත්ව වෙනත් ස්ත්‍රීයක සමඟ ජිවත් වන බවද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. දහ හැවිරිදි දියණිය බාර වූයේ ඔහුටයි.
 
පුංචි දෙයටත් මිනීමරාගන්න මිනිස්සු මරාගන්නා මිනිසුන් සිටින මෙරටේ නිශාගේ අයියා කළේද එවැනිම අත්තනෝමතික ක්‍රියාවක්. සාකච්ජාවෙන්, සුහදව විසඳා ගැනීමට තිබූ ප්‍රශ්නයක් මනුෂ්‍ය ඝාතනයකින් කෙළවර වීම හේතුවෙන් වයස අවුරුදු දහ අටක් වූ පාසල් සිසුවියගේ මුළු ජිවිතයට අඳුරේ වැටී අවසානයි.
 
ඇයගේ අම්මාද අද ඇතුළේ සිටින්නේ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම හා අපරාධයක් සැඟවීම ඇතලු චෝදනා රැසක් එල්ල වීම නිසයි. පවුලේ එකම පිරිමි දරුවා වූ යුද හමුදා සෙබළා අද ඇතුළේ සිටින්නේ පොල්ලකින් ගසා පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනාවටයි.
 
මොහු අතින් ඝාතනය වූයේ මාකෙහෙල්වල, දිනූගම, අංක බී 17/2 ලිපිනයේ පදිංචිව සිටි හොරතල් පේඩිගේ රොෂාන් සෝමතිස්ස නම් වූ 23 හැවිරිදි තරුණයායි.
 
මීට වසර තුනකට පෙර යුද හමුදා සේවයට එක්වන මොහු පුහුණුව ලබා රාජකාරියේ යෙදී සිටින අතරතුරේදී මීට වසරකට පෙර විශේෂ බලකායට බැඳීමට ඉල්ලුම් කර තිබුණා. ඒ සඳහා පැවති පරීක්ෂණවලින් සමත්වන මොහු ඝාතනය වන්නේ විශේෂ බලකා පුහුණුව ලබන අතරතුර නිවාඩුවකට නිවසට පැමිණි අවස්ථාවේදී යි.
 
ඝාතනය වූ දිනයේ සවස මොහු මිතුරන් සමඟ එක්ව මත්වතුර සාදයකට එක්ව සිටියේ ඊට පසුදින නිවාඩු අවසන් කොට කඳවුරට යාමට සුදානම් වෙමිනුයි. බොන අතරතුරේදී මොහු නිශාට දුරකථන ඇමතුම් දී කතාබහට සුදානම් වුවත් ඇය කතා කළ නොහැකි බව කියමින් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ අයියා පැමිණ සිටි නිසා විය යුතුයි.
 
ඇයගේ මේ ප්‍රතික්ෂේප කිරීම ඒ වන විටත් බීමත්ව වෙරී වී සිටි ඔහුට දැනුනේ ඇය තමා මඟ හරින බවයි. ඔහු තර්ජනාත්මක කෙටි පණිවුඩ එවන්නේ ඒ නිසයි. අවසානයේ මේ පුංචි දෙය මහා ව්‍යසනයක් වූයේ රටට මහඟු මෙහෙවරක් කිරීමට සිටි තරුණයකු වළ පල්ලටත්, එවැනිම දෙදෙනකුත් මවකුත් සිරගෙට යැවීමෙන් අනතුරුවයි.
 
තක්ෂිලා ජයසේකර
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top