ගාල්ල - හික්කඩුව - තිරාණගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සේවය කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු දින 4ක් තිස්සේ අතුරුදන් වී ඇති බවටයි ඔවුන්ගේ ඥාතීන් පවසනවා.
ඒ පිළිබදව හික්කඩුව පොලීසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි ඔවුන් සඳහන් කළේ.
සංචාරක නිකේතනයෙහි සේවය කරමින් සිටි අවස්ථාවේදී ඔවුන් මෙලෙස අතුරුදන් වී තිබෙනවා.
මේ අතර, කළුතර - බේරුවල - කරඳගොඩ ප්‍රදේශයේදී ඊයේ 27 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා නිවස අසළ වෙළඳසැලකට යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කලක සිට පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බව ද වාර්තා වනවා. ඝාතනය සිදුකළ පුද්ගලයා එය තියුණු ආයුධය ද සමඟ අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කළා.