වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ (11) සවස වවුනියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී පැවැත්වූ වැඩසටහනක් අතරතුර එම ප්‍රදේශය දුමෙන් වැසීයාම හේතුවෙන් එයට බාධා එල්ලවූවා.
උත්සව භූමිය ආසන්න කැළෑ ප්‍රදේශයක් කිසියම් කණ්ඩායමක් විසින් ගිනිතැබීම හේතුවෙන් මෙලෙස දුම සහිත තත්වයක් ඇතිවීමෙනුයි එම බාධාව ඇතිවූයේ.
නන්දිමිත්‍රගම නැවත පදිංචිකළ ගම්මානයේ පදිංචිකරුවන්ට පොල්පැළ බෙදාදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුනේ.
පැවති දුමාරය හේතුවෙන් සවස 03.00 පැවැත්වීමට තිබූ උත්සවය ආරම්භ කිරීමට පැයකට අධික කාලයක් ප්‍රමාද කළ අතර අනතුරුව උත්සව අවස්ථාවට පැමිණි අමාත්‍යවරයාද ගින්නෙන් හටගත් දුමාරය හේතුවෙන් අපහසුතාවට ලක්වූවා.