Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
"අස්ථි කැබලි රාජාලියකුගේ හෝ තාරාවෙකුගේ බවට මුලදී විශ්වාස කළා" - වසර මිලියන 19කට පෙර විසූ යෝධ ගිරවෙකුගේ අස්ථි කොටස් හමුවෙයි

- "අස්ථි කැබලි රාජාලියකුගේ හෝ තාරාවෙකුගේ බවට මුලදී විශ්වාස කළා" - වසර මිලියන 19කට පෙර විසූ යෝධ ගිරවෙකුගේ අස්ථි කොටස් හමුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,537 Views
මේ ගිරවා පිළිබඳව සොයා ගැනීම අතිශය වැදගත්.....

මිනිසකුගේ සාමාන්‍ය උසින් අඩකට වඩා විශාලත්වයකින් යුතු වූ පක්ෂියෙක්.....

වසර මිලියන 19 කට පෙර නවසීලන්තයේ වාසය කළ උසින් මීටර එකක් පමණ යුත් යෝධ ගිරවෙකු පිළිබඳව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. 

එම ගිරවාගේ අස්ථි කැබලි සොයාගෙන ඇත්තේ, නවසීලන්තයේ ඔටාගෝ කලාපයේ සෙන්ට් බේදන්ස් ප්‍රදේශය ආසන්න ස්ථානයකිනි.

විශාලත්වය නිසා එම ගිරවුන් පියාසර කිරීමට නොහැකි මාංශ භක්ෂක විශේෂයක් වන්නට ඇති බවට විශ්වාස කෙරේ. 

එම පක්ෂියා පිළිබඳ වාර්තාවක් Biology Letters නමැති සඟරාවේ පළ කර තිබේ.

කිලෝග්‍රෑම් 7 ක් පමණ බරින් යුත් මෙම ගිරවා, මීට පෙර විශාලතම ගිරා විශේෂය ලෙස සැලකුණු කාකාපෝ ගිරවාට වඩා දෙගුණයක් පමණ බරින් යුක්තය.

"වෙනත් යෝධ ගිරවුන් ලෝකයේ නැහැ. මේ ගිරවා පිළිබඳව සොයා ගැනීම අතිශය වැදගත්," ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ පොසිල පිළිබඳ පර්යේෂකයකු වන මහාචාර්ය ට්‍රවෙර් වර්දි පැවසීය. මෙම පර්යේෂණයේ ප්‍රධානියා වූයේ ඔහුය.

පොසිල විද්‍යාඥයින් විසින් මෙම නව පක්ෂි විශේෂය හෙරක්ලීස් ඉන්එක්ස්පෙක්ටැටස් යනුවෙන් නම් කර ඇත්තේ, අසාමාන්‍ය විශාලත්වය හා ශක්තිය සැලකිල්ලට ගනිමිනි.

රාජාලියකුගේ හෝ තාරාවෙකුගේ බවට මුලදී විශ්වාස කළ අදාළ අස්ථි කැබලි, පොසිල විද්‍යාඥයන් කණ්ඩායමක් යළිත් පර්යේෂණ ආරම්භ කරන තෙක් මේ වසරේ මුල් භාගය දක්වා වසර 11 ක් තිස්සේ ගබඩා කර තිබිණි.

Image copyright PA Media Image caption එම ගිරවා මිනිසකුගේ සාමාන්‍ය උසින් අඩකට වඩා විශාලත්වයකින් යුතු වූ පක්ෂියෙකි.

මහාචාර්ය ට්‍රවෙර් වර්දි ප්‍රකාශ කළේ, විද්‍යාගාරය තුළ පර්යේෂණ ව්‍යාපෘතියක නිරත වෙමින් සිටි සිය ශිෂ්‍යයකුට අහම්බෙන් එම අස්ථි කැබලි හමුවී තිබූ බවය.

නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පොසිල විද්‍යා අංශයේ මයික් ආචර් ප්‍රකාශ කළේ, එම ගිරවාගේ හොට ඉතා විශාල එකක් වන්නට ඇති බවය.
එම ගිරවා "සාමාන්‍යයෙන් ගිරවුන් ගන්නා ආහාරවලට වෙනස් දේ ආහාරයට ගන්නට ඇතැයි," මහාචාර්ය ට්‍රවෙර් වර්දි ඒඑෆ්පී පුවත් සේවයට පවසා තිබිණි.

කෙසේ වෙතත්, ගිරවුන්ට ගොදුරු විය හැකි විලෝපිකයින් නොවුණු හෙයින් ඔවුන් ආක්‍රමණශීලී පක්ෂීන් විය නොහැකි බව මහචාර්යවරයා බීබීසී පුවත් සේවයට පැවසීය.

"ඔවුන් පොළොවේ වාසය කරන්න ඇති. ඇවිද යමින් බොහෝ විට බීජ වර්ග ආහාරයට ගන්න ඇති," ඔහු සඳහන් කළේය.

විශාල පක්ෂීන් පිළිබඳ තොරතුරු සොයා ගැනීම නවසීලන්තයට නුහුරු අත්දැකීමක් නොවේ. නවසීලන්තයේ වාසය කළ බවට විශ්වාස කරන, මේ වන විට වඳ වී ඇති මොආ නමැති පක්ෂි විශේෂය මීටර් 3.6ක් පමණ උසින් යුක්ත වූ බව සැලකේ.

අදාළ යෝධ ගිරවාගේ පාද අස්ථි කොටස් හමුවූ සෙන්ට් බේදන්ස් ප්‍රදේශයේ වසර මිලියන 23 ක් දක්වා පැරණි පොසිල ඇති බව සොයාගෙන තිබේ.
"මෙතෙක් කෙහෙන්වත් වඳ වුණු යෝධ ගිරවෙකු සොයාගෙන නැහැ" මහාචාර්ය වර්දි ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

"අපි මේ පොසිල තට්ටුව අවුරුදු 20ක් තිස්සේ ගවේෂණය කරනවා. හැම අවුරුද්දක ම අලූත් පක්ෂියකු හෝ වෙනත් සතෙකු පිළිබඳ සාක්ෂි ලැබෙනවා. මේ පොසිල තට්ටුවේ තවත් අනපේක්ෂිත සත්ත්ව විශේෂ ගණනාවක් ඉන්න බවට සැකයක් නෑ."

"දිවයින"



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top