ශිහාන් - සෑහෙන්න නිදි මරනවා. නිදි මරන අතරතුර පුරුදු වෙනවා ඒ ජීවිතේට කොහොමද නැපිස් මාරු කරන්නේ. කොහොමද නැපිස් හෝදන්නේ. ඒ වගේ දේවල් එක්ක ලොකු යුද්ධයක්.
නමුත් ඒක හරි සුන්දර විදිහට විඳිනවා. මගේ වයිෆ් කැමැත්තෙන් හිටියා පුතෙක් හම්බවුනොත් මගේ නම පුතාට එක නමකට යෙදෙන්න ඕනේ කියලා.
ඒ වගේමයි ගැහැනු දරුවෙක් නම් මගේ කැමැත්තක් තිබුණා මගේ වයිෆ්ගේ දෙවැනි නම ෆෙලෙමින්ටා කියන නම පාවිච්චි කරන්න.
ඊට අමතරව ශිහාන් එක්ක යන නම් හොයද්දි මාශ් කියන නම තමයි අපි හැමවෙලේම පාවිච්චි කරේ.
ඒ කියන්නේ බබා හම්ඛෙන්න කලින් ඉඳන්ම අපි එයාට කතා කළේ මාශ් මාශ් කියලා. අවසානේ අපි හිතුවා ඒ විදිහටම නම තියන්න, ශිහාන් මාශ් කියලා.