හොංකොං හි යොං-ලොංග් ප්‍රදේශයේ දුම්රිය ස්ථානයකට කඩාවැදුණු පිරිසක් සිදුකළ පහරදීමකින් පුද්ගලයන් 45 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සුදු පැහැති ඇඳුමින් සැරසී මුහුණු ආවරණය කරගෙන පැමිණි මෙම පිරිස බැටන් පොලූවලින් දුම්රිය ස්ථානයේ සිටි පුද්ගලයන්ට පහරදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පහරකෑ අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
පහරදීමට හේතුව සහ එය සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.