පසුගිය 14 වැනිදා නවසීලන්තට සමඟ පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් නවසීලන්තය පරදවා එංගලන්තය සිය කුළුඳුල් ලෝක කුසලානය තමන් සතු කරගන්නට සමත් වුණා.
අවසන් තරඟයේදී නවසීලන්තයට එරෙහිව නොදැවී පන්දු 98 තුළ නොදැවී ලකුණු 84ක් රැස් කරමින් තරඟයේ වීරයා සම්මානය බෙන් ස්ටෝක්ස් ට හිමි වුණා.
මෙම දස්කම් නිසාම බෙන් ස්ටෝක්ස්ට බ්‍රිතාන්‍යයේ ඉහළම ගෞරව නාමය වන "නයිට්" පදවිය පිරිනැමීමට සූදානමක් පවතින බව වාර්තා වනවා.
වර්තමාන එංගලන්ත අගමැතිනිය වන තෙරේසා මේ, සිය අගමැති තනතුරින් ඉවත්වන බව ප්‍රකාශ කර තිබුණා.
එම තනතුරට ඉදිරිපත්වන්නට බලාපොරොත්තු වන අපේක්ෂකයින් දෙදෙනාද ස්ටෝක්ට එම ගෞරවය ලබා දීම ගැන සුබවාදී ප්‍රතිචාර දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අගමැති අපෙක්ෂකයෙකු වන බොරිස් ජොන්සන් පවසා තිබුණේ ස්ටෝක්ස් හට නයිට් පදවියක් සහ ආදිපාද තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් තමන් කටයුතු කරන බවයි.