මගේ පෑනත් සාක්කුවේ දාගෙන ඔහු අනිත් පැත්තට ගියා..
ඒ හැන්දෑව බොහෝම දුක්බර හැන්දෑවක් වුණා...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ ජයග්‍රහණය එංගලන්තයට ලැබීමත් සමඟ ඒ පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වුණා.
මෙය එංගලන්තය ලැබූ පළමු එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය වන අතර, ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට අවසන් මහ තරඟයක සුපිරි පන්දු වාරයක අවස්ථාව දක්වා පැමිණි තරඟයක් ලෙස මෙය ඉතිහාසයට එක් වුණා.
කෙසේ වෙතත්, මෙම තරඟයේදී විශිෂ්ඨ පිතිකරණයක නියැලුණු එංගලන්ත ක්‍රීඩක, ජොස් බට්ලර්ගේ කුඩා කාලයේ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් BBC ලෝක සේවය පසුගිය දිනෙක වාර්තා කර තිබුණා.
BBC 5 Live නාලිකාවේ විකාශනය වූ මෙම වැඩසටහන Tailenders නම් වන අතර, මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලබන්නේ, Greg James සහ Felix White විසිනුයි.
මෙහිදී, Greg James විසින්, කිසියම් අයෙකු විසින් ලියන ලද චරිතාපදානයකින් කොටසක් අසන්නන් වෙනුවෙන් කියවනු ලබනවා.
පසුගිය දිනෙක ඔහු එසේ කී කතාව, ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන අරවින්ද සිල්වාගෙන් අත්සනක් ලබා ගැනීමට පැමිණි අවුරුදු 8ක කුඩා දරුවෙකු ගැනයි.