Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
05
සීරියස් ලව් එකක් තිබ්බෙම නෑ...

- සීරියස් ලව් එකක් තිබ්බෙම නෑ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

88 Views

ළමා කාලය ගැන තියෙන පරණම මතකය?
මගේ පළමුවැනි උපන් දිනය සැමරුවා යාන්තමට මතකයි.

ඉස්සෙල්ලම කොළඹ ආවේ?
පොඩි කාලේ ඇවිල්ල ඇති. හරියට මතක නෑ.

රූපයට ලැබුණ අමතක නොවනම ප්‍රතිචාරය?
ගොඩක් ප්‍රේක්ෂකයෝ කියනවා ලස්සනයි කියලා. ඒවා නම් හිතට වදිනවා.

අම්මාගෙන් ගුටිකාපු දවසක්?
එයා හැමදාම වගේ මට ගහනවානේ. මං කියන දේ අහන්නෙ නෑනේ. ඒ නිසා ඕනතරම් ගුටිකනවා.

ඉස්කෝලේ කාලේ මතක හිටින්න ලැබුණ දඬුවම?
ඒ කාලේ අනුන්ගේ වැඩත් එක්ක කරනව... ඒ නිසා මට දඬුවම් ලැබුණේ නෑ. ගුරුවරු හරි ආදරෙයි. දැන් වගේ නෙවෙයි. පෙනුමෙනුත් ආදරේ හිතෙනවා. බෝලෙ වගේ මහතයි. හරි හුරතල්.

ලැබුණ අමතක නොවන තිළිණය?
අපේ අම්මා මට අවුරුදු 18 පිරෙද්දි මාලයක් හදලා දුන්නා.

ඉස්සෙල්ලාම තෑග්ගක් දුන්නේ?
මම අට වසරෙදි විතර අම්මාට බතික් ගවුමකුයි නයිට් ඩ්‍රස් එකකුයි අරගෙන දුන්නා. එදා අම්මාට ගොඩක් ඇඬුණා.

"I LOVE YOU" මේ ප්‍රකාශය මුලින්ම ඇහුවේ කාගෙන්ද?
එහෙම අවංකවම කියපු කෙනෙක් නෑ මං හිතන්නේ.

හා හා පුරා කියලා පෙව්වතියක් වුණේ?
අවංකවම කියන්නේ සීරියස් ලව් එකක් තවම අත්විඳලා නෑ. කාලෙන් කාලෙට අනුරාධපුරය නුවර, ඕමාන්, වගේ තැන් තැන්වල හිටපු නිසා සීරියස් ආදරයක් ඇතිවුණේ නෑ.

ලියුමක් ලිව්වේ?
මම ඉස්සෙල්ලාම යාළුවෙලා හිටියේ බයෝ කරපු පිරිමි ළමයෙක් එක්ක. දැන් එයා ඩොක්ටර් කෙනෙක්. එයාට තමයි මුලින්ම ලිව්වේ. ලියුමක් කිව්වාට ඒක පොඩි චිට් කෑල්ලක්.

දුරකතනයට ලැබුණ අමතක නොවන පණිවුඩය?
මගෙන් යාළුවෙන්න අහපු හොඳම යාළුවෙක් හිටියා. ඒත් මම එයාට කැමැති වුණේ නෑ. දවසක් එකපාරම එයා අතුරුදන් වුණා. ලංකාවෙත් නෑ. අපිට ඕනම දෙයක් ළඟ තියෙද්දිනේ වටිනාකමක් නැත්තේ. මාත් අතුරුදන් වුණාට පස්සේ ඔහුව හෙව්වා. මීට සති දෙකකට කලින් "මට මේ කියන පුද්ගලයාගෙන් "Call Me" කියලා මට දුරකතන පණිවුඩයක් ආවා. ඒ sms එක නිසා මම පුදුම විදියට සතුටු වුණා.

මුණගැහුණ විශ්වාසවන්තම පුද්ගලයා?
අම්මා හැරෙන්න කිසිම පුද්ගලයෙක් විශ්වාස නෑ.

රූගත කිරීමකට මුහුණ දුන්න මුල්ම දවස?
ජීවිතය ලස්සනයි චිත්‍රපටයට සම්බන්ධ වුණා. එදා මට ලොකු බයක් දැනුණේ නෑ. මොකද ඊට කලින් ෆොටෝ ෂූට්වලට එහෙම මුහුණදීලා තිබුණ නිසා.

ක්‍ෂේත්‍රයේදී මුණගැහුණු හොඳම මිතුරෝ?
හැමෝම ආශ්‍රය කරනවා. විශේෂයක් නෑ.

රංගනයේදී වඩාත්ම අපහසුතාවට පත් වුණේ?
එක්තරා ටෙලි නාට්‍යයක මේන් රෝල් එක කරන්න හිටිය ප්‍රවීණ නළුවෙක් මට පාට් එකක් දැම්මා. එයාට අවුරුදු 32ක් විතර ඇති. මට 21 යිනේ. මං පොඩියි. එදා මම ඇඬුවා. හැබැයි ඒ සිදුවීමෙන් පස්සේ මං හැදුණා. මට දැන් මොන ප්‍රශ්නය තිබුණත් ඕන කෙනෙක් එක්ක රඟපාන්න පුළුවන්.

පිරිමි ළමයෙක්ගේ අතින් ඇල්ලුවේ?
අර කලින් කියපු ඩොක්ටර්ගේ අතින් තමයි ඇල්ලුවේ.

රංගනයේදී හිත ගිය රංගන ශිල්පීන්?
අමිල අබේසේකර, සාරංග දිසාසේකර, සුරාජ් මාපා, මේනක රාජපක්ෂ, රංජන් රාමනායක, උද්දික ප්‍රේමරත්න, මෙයාලට ගොඩක් ආසයි. ඊට අමතරව ඕනෑම කෙනෙක් එක්ක රඟපානවා.

ජීවිතයේ හුඟක්ම සතුටු වුණේ?
මගේ "මුතුවරුසා" කියන පළමුවැනි ටෙලි නාට්‍යය ටෙලිකාස්ට් කරපු දවසෙ.

ඉකි ගහල ඇඬුවේ?
මම හුරතලයට ඇතිකරපු බලු පැටිය මැරුණ දවසේ.

හැදුණ ලොකුම කට කතාව?
ලොකුම කටකතාව කියන්න ගියොත් ආයෙත් ඒක ඇවිස්සෙනවා.

බය කියන දෙය හිතට දැනුණේ?
දවසක් ගෙදර හිටියේ මම විතරයි. මම ආසයි නිකං වෙලාවට ඔය එක එක අතුරුපස කෑම ජාති හදන්න. ඉතිං එදා මම ජෙලි වගයක් හද හදා ඉඳිද්දි එක පාරටම කරන්ට් එක ගියා. ඒ වෙලාවේ මම මුළු ගෙදරම දෙදරන්න කෑගහගෙන අල්ලපු ගෙදරට දිව්වා.

ලබපු ලොකුම ජයග්‍රහණය?
ගීතයක රූප රචනාවක කරපු රංගනයට හොඳම රංගනයට හිමි මියුසික් අවෝර්ඩ්ස් ලැබුණා. ඒක ජීවිතේටවත් අමතක වෙන්නේ නෑ.

අත්විඳපු පරාජිත හැඟීමක්?
එක ෆිල්ම් එකකට මට අඬගහලා තිබුණත් කිසියම් දෙයක් ඉෂ්ට වුණේ නැති නිසා මාව ඒ ෆිල්ම් එකෙන් ඉවත් කළා.

දැකපු සුන්දරම හීනය?
ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියක් වෙලා එක දිගට අවෝර්ඩ්ස් ගත්තා. හැබැයි ඉතිං හීනෙන්ම විතරයි. මට ෂුවර් ඒක කවදාවත් ඉෂ්ට වෙන්නේ නෑ.

සැබෑ කරගත්ත සුන්දරම හීනය?
මිනිස්සු ආදරය කරන රංගන ශිල්පිනියක් වීම.













Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top