Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
"මගේ ජීවිත කාලය පුරාම කෙන්ගෙන් මම සමාව ඉල්ලනවා..." - නවසීලන්තයේ උපන් බෙන් ස්ටොක්ස් ජයග්‍රාහී අවසන් මහා තරඟය ගැන සංවේදී වූ හැටි - Video & Photos

- "මගේ ජීවිත කාලය පුරාම කෙන්ගෙන් මම සමාව ඉල්ලනවා..." - නවසීලන්තයේ උපන් බෙන් ස්ටොක්ස් ජයග්‍රාහී අවසන් මහා තරඟය ගැන සංවේදී වූ හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,350 Views
ක්‍රිකට් උපන් දේශයට එක්දින ලෝක කුසලානයක පළමු මිහිර විඳගැනීමට ඊයේ හැකිවුණේ නවසීලන්තයේ උපන් බෙන් ස්ටෝක්ස්ගේ තුන් ඉරියව් දක්ෂතා නිසයි.
 
මේ තරඟයේ ජයග්‍රහණය සදහා එංගලන්තයට පන්දු 3කදී ලකුණු 9ක් ලබාගත යුතුව තිබු අවස්ථාවේ ස්ටොක්ස් ලකුණු දෙකක් කරා දිව යමින් සිටියේදී මාර්ටින් ගප්ටිල් කඩුල්ලට එල්ල කල පහර පිත්තේ වැදී හතරේ සීමාව කරා ඇදී ගියා.
 
මේ අනුව එංගලන්තයට තරගය ලකුණු සම වී නිමා කරගැනීමට හැකි වූ අතර එම ලකුණු නොලැබුණේ නම් තරඟයේ ජයග්‍රහණය නවසීලන්තයට හිමි වීමට ඉඩ තිබුණා.

ඉන් පසුවයි සුපිරි පන්දු වාරයේදී තරඟය ජයගැනීමට එංගලන්තය සමත්වුණේ. සුපිරි පන්දු වාරයේදීද ලකුණු සමවූ අතර එංගලන්තය ලෝක කුසලානය දිනාගත්තේ වැඩිම හයේ සහ හතරේ පහර ගණනක් එල්ල කර තිබීම නිසයි.
 
1975 වසරේ ආරම්භ කරනු ලැබූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ගතවූ වසර 44 තුළදී අවසන් මහා තරගයක තීරණය ලබාගැනීම සඳහා සුපිරි පන්දු වාරයක අවස්ථාව දක්වා පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, ඉන්ද තීරණයක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කරනු ලැබූ කණ්ඩායම ලෝක ශූරයින් බවට පත්වූ අවස්ථාව ලෙස ඊයේ තරගය ඉතිහාසයට එක්වනවා.
 
අවසන් මහා තරඟයේදී එංගලන්තය ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවේ 1991දී නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර ඉපදී පසු කලකදී එංගලන්තයට සංක්‍රමණය වූ බෙන් ස්ටොක්ස්.
 
තමන්ගේ මව්බිම තීරණාත්මක අවසන් තරගයේදී පරාජය කිරීම ක්‍රීඩාවේ නාමයෙන් අමතක කිරීමට හැකි වුවද තීරණාත්මක මොහොතේදී ඔහුගේ ඇගේ වැදී අමතර ලකුණු 4ක් හිමිවීම ගැන තරඟයෙන් අනතුරුව මධ්‍යවේදීන් ස්ටෝක්ස්ගෙන් ප්‍රශ්න කළා. ඔහු ඊට ලබාදුන්නේ මෙවැනි සංවේදී පිළිතුරක්.
 
"මම කෙන්ට කිව්වා මගේ ජීවිත කාලය පුරාවටම එම සිදුවීමට මම සමාව ඉල්ලනවා කියලා, ඒ සිදුවුණේ මට උවමනා කරපු දෙයක් නෙමෙයි, පන්දුව මගේ පිත්තේ වැදුණා, මම යලිත් කෙන්ගෙන් සමාව ඉල්ලනවා..."




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top