Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
12
හේමසිරි හා පුජිත් වෙනුවෙන් පෙනී සිටීම නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි - Video

- හේමසිරි හා පුජිත් වෙනුවෙන් පෙනී සිටීම නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වගඋත්තකරුවන් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ මස 25 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
 
අදාළ පෙත්සම් කැදවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි නීතිපති දප්පුල ද ලිවේරා දැනුම් දුන්නේ මෙම පෙත්සම්හි වගඋත්තකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටින බවයි.
 
පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබදව බුද්ධි අංශ විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක අංශ කලින් දැනුවත් කර තිබියදී සිදුවූ විනාශය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වගඋත්තකරුවන් වන පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා දණ්ඩ නීති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 12 ක් ගොනුකර තිබුණා.

මෙලෙස පෙත්සම් ගොනුකළ පාර්ශව අතරට ත්‍රස්ත ප්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමිවූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නන්ද සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැලී සිටි ව්‍යාපාරිකයෙකු වන ජනක් විදානගේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ කතෝලික පියතුමන්ලා පිරිසක් ද අයත්.
 
එසේම, නාගහනන්ද කොඩිතුවක්කු , ජූඞ් පෙරේරා, නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක් ද, පූජ්‍ය අගුලූගල්ලේ ජිනානන්ද හිමි සහ ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයේ තුවාල ලැබූ මෝදිත ටිකිරි බණ්ඩාර ඒකනායක යන පාර්ශවකරුවන් ඇතුළු 12 දෙනෙකු මෙලෙස පෙත්සම් ගොනුකර තිබෙනවා.
 
ජාතික වැදගත්කමකින් යුත් කරුණක් සේ සලකා මෙම පෙත්සම් සලකා බැලීමට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මීට පෙර අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර පසුව මෙම පෙත්සම් සලකා බැලීමට සත්පුද්ගල පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරුණා.
 
ඒ අනුව, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් 12 අද මුල්වරට කැදවනු ලැබුවා.
 
එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නීතිපති දප්පුල ද ලිවේරා සදහන් කළේ මෙම පෙත්සම්හි පළමු සහ දෙවන වගඋත්තකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටින බවයි.
 
අදාළ පෙත්සම් 3 වන සහ සිව් වන වගඋත්කරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයා සහ විශේෂ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති බී. දිසානායක යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව ද නීතිපති දප්පුල ද ලිවේරා අධිකරණයට දැනුම් දුන්නා.
 
නඩු විභාගයට අදාළ සියලූම පාර්ශවයන් වෙත නියමිත පරිදි නොතීසි ලැබී ඇත්දැයි විනිසුරු මඩුල්ල විමසීමක් කළ අතර එහිදී නීතිපති දප්පුල ද ලිවේරා අධිකරණයට දැනුම් දුන්නේ ඇතැම් වගඋත්තරකරුවන්ගේ විරෝධතා තමන් වෙත ලැබුණේ ඊයේ පස්වරුවේ බවයි.
 
බෝම්බ ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව අපරාධ නිතිය යටතේ විමර්ශනයක් ආරම්භ කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි මෙම පෙත්සම් බොහෝමයක් තුළින් ඉල්ලා ඇති ප්‍රධාන සහනය බව පෙන්වා දුන් නීතිපතිවරයා එය දැනටමත් ඉටු වී ඇති බව ද අධිකරණයට පැහැදිලි කළා.
 
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ සත් පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඇත්නම් ඒවා මේ මස 18 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දුන්නා.
 
එසේම එම විරෝධතා සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා මේ මස 23 වනදිනට පෙර ඉදිරිපත් කරන ලෙස ද නියම කළා.
 
අනතුරුව පෙත්සම් යළි සලකා බැලීම මේ මස 25 සහ 26 යන දෙදින තුළ සිදුකිරීමට සත් පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ල නියම කළා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top