Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
"කොයි මොහොතේ හරි ළමයි 300ම මේකේ සමතලා වෙයි..." - ගරාවැටෙන ගොඩනැගිලි සහිත පාසලක ජිවිත අවධානම නොතකා අකුරු කරන පුංචි පැටවුන් - Video

- "කොයි මොහොතේ හරි ළමයි 300ම මේකේ සමතලා වෙයි..." - ගරාවැටෙන ගොඩනැගිලි සහිත පාසලක ජිවිත අවධානම නොතකා අකුරු කරන පුංචි පැටවුන් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,602 Views
බෝඩ් කෑල්ලට සීමා වෙච්ච ජාතික පාසලක්..
 
දැනටමත් දිරාපත් වෙලා, ජනෙල් කඩන් වැටෙනවා..
 
කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ළඟම පාසල් හොදම පාසල් වන විට ගම්බද පිහිටි පාසල්වල වසර ගණනාවක් පැරණි ගොඩනැගිලි දරුවන්ගේ හිසමතට කඩාවැටෙන තත්ත්වයට පත්ව තිබෙනවා.
 
අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ වසර 27 ක් පැරණි ගොඩනැගිල්ලක් යම්කිසි මොහොතක සිසු දරුවන්ගේ මාරයා විය හැකි බවට එහි ගිය අපට දක්නට ලැබුණා.
 
1992 වසරේදී සිසු අයිතියට පත් වසර 27 ක් පැරණි මෙම ගොඩනැගිල්ල අබලන් තත්ත්වයට පත්ව මේවන විටත් වසර 10ක් පමණ ගතව තිබෙනවා.

දැඩි අවදානම් තත්ත්වයක පවතින මෙම අබලන් ගොඩනැගිල්ල පිළිබදව අධ්‍යාපන බලධාරීන්ට කොතෙකුත් දැනුම් දුන්නද මේ වනතුරුත් ඊට නිසි විසදුමක් ලබාදී නැහැ.
 
වඩාත් පුදුම සහගත කරුණ නම් 2016 වසරේ සිට ක්‍රියාත්මක වන ළඟම පාසල හොදම පාසල ව්‍යාපෘතියේ විශාල පුවරුවක් පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කර අදාල ව්‍යාපෘතිය මගින් මෙම පාසල සංවර්ධනය කෙරෙන බව සදහන් කර තිබීමයි.
 
නාම පුවරුවකට පමණක් සීමා වී ඇති ව්‍යාපෘතිය සහ සංවර්ධනය හරහා පාසලට යමක් සිදුව ඇත්දැයි මේ ගොඩනැගිල්ල සාක්ෂි දරනවා.
 
මේ වසර 113 ක් පැරණි හුංගම - මුලන මහා විද්‍යාලයේ වර්තමාන තත්ත්වයයි.
 
1906 වසරේදී ලෙනාඩ් වුල්ෆ් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම පාසලට ඉන් අනතුරුව සිටි බලධාරීන්ගෙන් ලැබී ඇත්තේ මීට වසර 25කට පෙර ඉදිකල මෙම ගොඩනැගිල්ල පමණයි.
 
පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වුණද අබලන් ගොඩනැගිලි තුළ ඉගෙනීම් කටයුතු කරන මෙම දරුවන් හා ගුරුවරුන් වර්ෂාව කාලයට නොතෙමී සිටීමට උත්සහ කරනවා.
 
දරුවන් පරිගණක අධ්‍යාපනයකට යොමු කරන්නට ටැබ් පරිගණක ලබාදෙන්නට අනේකවිද වෙරදරන අධ්‍යාපන බලධාරීන් මෙවැනි පාසල්වල මූලික අවශ්‍යතා පිළිබඳ හෝ සැලකිලිමත් වීම කළ යුතු නොවන්නේද..?
 
මේ අතර මහියංගනය - රිදීමාලියද්ද - කුඩාලුණුක විද්‍යාලයේ දෙමාපියන් අද එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
 
ඔවුන් ඉල්ලා සිටියේ ද ටැබ් පරිගණක වෙනුවට තම පාසලේ දරුවන්ට ගුරුවරුන් ලබාදෙන ලෙසයි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top