Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
"අපි විවාහ වුණේ අහම්බයකින්, එයාගේ දේශපාලන ජීවිතය නිසා අපි දෙන්නා දැන් ඉන්නේ දෙතැනක.." - ෂෙහාන් සේමසිංහගේ බිරිඳ කියයි - Photos

- "අපි විවාහ වුණේ අහම්බයකින්, එයාගේ දේශපාලන ජීවිතය නිසා අපි දෙන්නා දැන් ඉන්නේ දෙතැනක.." - ෂෙහාන් සේමසිංහගේ බිරිඳ කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,540 Views
"නමුත් අපි දෙන්නා එකිනෙකාට ආදරේ කළේ නැහැ..."

"මම එයාගේ බිරිද කියලා දන්නේ අපිව දන්න හඳුනන අය විතරයි..."

පිංකි තිලංගා.  මේ නම මේ රූපය කිසිම කෙනෙකුගේ මතකයට නැගෙන්නේ නැහැ. දැන හදුන්නනෙත් නැහැ. නමුත් ඇයගේ ජිවිතයේ සෙවණැල්ලක් මෙන් පිටු පසින් ඉන්න චරිතය නම් බොහෝ දෙනෙක් හදුනනවා. ඔහු නමින් ෂෙහාන් සේමසිංහ. ඔහුගේ ආදරණිය බිරිද තමයි පිංකි කියන්නේ. දේශපාලඥයෙක්ගේ බිරිදක් වෙන්න කලින්ම හදුනා ගත් මොවුන්ගේ ජිවිතේ ගැන කතා කරන්න පිංකි අපිත් එක්ක එකතු වුණා. මේ ඇය කියන කතාවයි.

ජනප්‍රිය පුද්ගලයින්ගේ වාසගම විවාහ වුණාට පස්සේ භාවිතා කරන්න බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. නමුත් ඔබ තවමත් භාවිතා කරන්නේ උප්පැන්න සහතිකයේ සදහන් වාසගමමයි. ඒ ඇයි කියලම අපි කතා බහට අවතීර්ණ වෙමු..?
මගේ අනන්‍යතාවය මට අවශ්‍ය නිසා උප්පැන්න සහතිකයේ තියෙන වාසගමම එහෙමම තියා ගත්තා. ෂෙහාන් එක්ක විවාහ වුණා කියලා මට වාසගම වෙනස් කරගන්න අවශ්‍ය වුණේ නැහැ. තවමත් එහෙම වුවමනාවක් නැහැ. මෙහෙම හොදයි

ඔබට ඔහුව හමුවන්නේ අහම්බයකින් නෙමෙයි. නමුත් ප්‍රේමවන්තයින් විදිහට ආදරයටවත් ඇරයුම් නොකළ ඔහුව ඔබ විවාහ කරගන්න තරම් ඔබෙත් ෂෙහාන්ගේත් දැඩි බැදීමක් තිබුණා කියලා ආරංචියි. ඒ ගැන කිව්වොත්..?
මගේ ගෙවල් මතුගම. ෂෙහාන් අනුරාධපුර. අපි දෙන්නා දැනහදුනා ගන්නේ පවුල්වල තිබුණු සම්බන්ධය මත තමයි. ෂෙහාන්ගේ පොඩි සීයාගේ පුතයි මමයි හොද යාළුවො. මගේ තාත්තගේ හොදම යාළුවා තමයි ෂෙහාන්ගේ සීයාගේ මල්ලි. මම උසස්පෙළ කරන කාලේ තමයි ෂෙහාන්ව දකින්නේ. එයා ඉන්දියාවේ ගියා උපාධිය කරන්න. ඒ වෙද්දී අපි දෙන්නා ඒ තරම් කතාබහ කරන්න නැහැ. ටික දවසකින් මමත් ඉන්දියාවේ ගියා ශිෂ්‍යත්වයක් ලැබිලා. ඒ යන්න කලින් එයාගේ මාමා තමයි කිව්වේ ෂෙහාන් ඉන්දියාවේ ඉන්න නිසා මට උදව් කරන්න කියන්නම් කියලා. එහෙදිත් නිතරම මුණගැහුනා.

ඊට පස්සේ අපි දෙන්නම MA එක කරන්න පේරාදෙණිය කැම්පස් එකට ඇතුල් වුණා. එහෙදි තමයි නිතරම මුණගැහුනේ කතාබහ කරේ. නමුත් අපි දෙන්නා එකිනෙකාට ආදරේ කරේ නැහැ. එයා මට ආදරේ කරයි කියලාවත් මම කවදාවත් හිතුවේ නැහැ. ඒ තරම් යාළුකමක් තිබුණේ. මමත් එයාට හොදයි කියලා හිතෙන කෙල්ලෝ හොයලා දුන්නා බදින්න කියලා. නමුත් ඒ එකක්වත් හරි ගියේ නැහැ එයාට.

කවදාවත් ඔහු ආදරයට ඇරයුම් කළේ නැද්ද ..?
නැහැ. මට මතක විදිහට එයා කවදාවත් එහෙම යෝජනාවක් කළේ නැහැ. මට ආදරෙයි කියලත් නැහැ තවම. එයාගේ හිතේ එහෙම දෙයක් ඇති කියලා මට තේරුනෙත් නැහැ. කොහොම හරි එයාගේ මාමා තමයි කිව්වේ මේ මොන යාළුකමක්ද දෙන්නා විවාහ වෙන්න කියලා. එයා නිසා තමයි අපි දෙන්නා විවාහ වෙන්නේ. නමුත් අද වෙද්දී මට හිතෙනවා මට විවාහයට හොදම කෙනා ලැබුනා කියලා.  අපි දෙන්නා 2002 වර්ෂයේ විවාහ වුණා. අපිට දැන් දුවෙක් හා පුතෙක් ඉන්නවා. දුවගේ නම කවිෂි. වයස 13යි. පුතා මිනෙත්. එයාගේ වයස අවුරුදු 7යි.

ඔබ ඔහු එක්ක විවාහ වුණාට පසුව තමයි ඔහු දේශපාලනයට අවතීර්ණ වෙන්නේ. ඔහු දේශපාලනය එන බව ඔබ දැනගෙන හිටියද..? ඔහු දේශපාලඥයෙක් වෙනවට ඔබ කැමති වුණාද .."
දේශපාලනයට එන්න ඕන කියන එක එයාගේ හිතේ තිබ්බද දන්නේ නැහැ. මට නම් කිව්වෙත් නැහැ මගෙන් අවසර ඉල්ලුවෙත් නැහැ . එයා හොදට ඉගෙන ගත්තා හොද ජොබ් එකක් කළා. එයා දේශපාලනයට ආවේ පුතත් ලැබුනට පස්සේ. එයාගේ සීයා නම් කිව්වා ෂෙහාන් කවදා හරි දේශපාලඥයෙක් වෙනවා කියලා. ඔහු දේශපාලඥයෙක් වුණාට මගේ කැමැත්තකුත් නැහැ අකමැත්තකුත් නැහැ. එයා හොදට ඉගෙන ගත්ත නිසා හොද ජොබ් එකක් කරන්න තිබ්බා කියලා විතරයි මට හිතෙන්නේ.

ඔහුගේ ජනප්‍රියත්වය පවුල් ජිවිතයට බලපෑමක් වෙලා තියෙනවද..?
කොහෙත්ම නැහැ. මම එයාගේ බිරිද කියලා දන්නේ අපිව දන්න හදුනන අය විතරයි. එහෙම නැත්තම් එයා එක්ක ඉන්නකොට දකින අය විතරයි.

ඔහුගේ දේශපාලන ජීවිතය නිසා වරප්‍රසාද භුක්ති විදින්නේ නැද්ද ..?
කොහෙත්ම නැහැ. මම දරුවෝ දෙන්නා එක්ක පාඩුවේ ජිවත් වෙනවා. මමත් කාර්යබහුලයි. ඒ කාර්යබහුලකම එක්ක අපි අපේ පාඩුවේ ජිවත් වෙනවා. කිසිම විදිහකින් එයාගේ නම භාවිතා කරලා වැඩ කරගන්න යන්නේ නැහැ.

කාර්යබහුල ජීවිතයත් එක්ක ෂෙහාන්ට ගෘහ මුලිකයාගේ වගකීම මගහැරෙනවා ඇති ..? ඒ වෙලාවට හිතෙන්නේ නද්ද ඔහු දේශපාලඥයෙක් වුණේ අපරාදේ කියලා ..?
ඉස්සර නම් එයා මට ගොඩක් උදව් කරා. නමුත් දැන් එයාට වෙලාවක් නැහැ එයාගේ දේශපාලන වැඩ එක්ක. අපි ඉන්නේ කොලඹ. එයා ඉන්නේ අනුරාධපුර. පාර්ලිමේන්තු තියෙන දවස්වලට තමයි එයා අපිත් එක්ක ඉන්නේ. නැත්තම් සති දෙකකට වතාවක් එනවා. අපිත් යනවා. දරුවන්ගේ වැඩ එක්ක තමයි නිතරම එයා ලගට යන්න වෙලාවක් නැත්තේ. එයා ගොඩක් වෙලාවට අපිට චෝදනා කරනවා එයාව බලන්න එන්නෙවත් නැහැ කියලා.

ෂෙහාන් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට රසට උයනවා කියන්නේ ඇත්තද..?
ඔව්. එයා ගෙදර හිටියොත් දරුවෝ දෙන්නා කන්නේ  එයා හදන කෑම වර්ග තමයි. එයාට බටහිර කෑම වර්ග ඕන දෙයක් රසට හදන්න පුළුවන්.

ඔහු දේශපාලඥයෙක් විදිහට ජනප්‍රිය පුද්ගලයෙක් නිසා දරුවන් දෙන්නගේ ප්‍රතිචාර කොයි විදිහට ඔහුට ලැබෙන්නේ..?
දුවට නම් ගාණක්වත් නැහැ තාත්තා දේශපාලඥයෙක් කියලා. නමුත් පුතා නම් තාත්තගේ දේශපාලනයට කැමතියි වගේ එයාගේ ප්‍රතිචාරවලින් පෙනේවා. රූපවාහිනි වැඩසටහන් වලට ගියත් යනවා කියලා ෂෙහාන් කියන්නේ නැහැ. නමුත් පුතා දැනගත්තොත් අනිවාර්යෙන්ම ඒවා බලනවා. ඒවා බලලා තාත්තට කෝල් කරලත් කියනවා. පුතෙක් නිසා එයාට ඒ වගේ හැගීමක් දැනෙනවා ඇති.

සැමියා දේශපාලඥයෙක් නිසා ඔබේ මනාපය අනිවාර්යයෙන්ම භාවිතා කරනවත් ඇති..?
එයා දේශපාලඥයෙක් කියලා මම එයාට කැමති අයට මනාපය දෙන්නේ නැහැ. පක්ෂයක් හෝ දේශපාලඥයෙක්ට මම මගේ මනාපය මම පාවිච්චි කරන්නේ ජනතාවට සාධාරණයක් ඉටු කරන කෙනෙකුට හෝ පක්ෂයකට විතරයි. ෂෙහාන් නම් විහිළුවට කියනවා ඔයාගේ කතිරේ කොහොමත් මටනේ කියලා.

ෂෙහාන් සේමසිංහ කියන දේශපාලඥයා කවදා හරි දවසක රට පාලනය කරන නායකයෙක් වෙයි කියලා හිතනවද..?
මම නම් එහෙම වෙන්න ඕන කියලා හිතන්නේ නැහැ. එයත් ජනාධිපතිවරයෙක් වෙයි කියන අදහසක ඇති කියලා මම නම් හිතන්නේ නැහැ. කොහොම නමුත් එයාට හොද අනාගතයක් ඉදිරියක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එයා හොද දේශපාලඥයෙක්.

හර්ෂණී වීරරත්න


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top