Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි! දස ලක්ෂපතියන් බිහි කිරීම අදින් ඇරඹේ - Video

- හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි! දස ලක්ෂපතියන් බිහි කිරීම අදින් ඇරඹේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,157 Views
හිරුගේ අභිමානවත් 21 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 210 ක් ඔබට තිළිණ කෙරෙන හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි අදින් ඇරඹෙනවා.
 
ඒ අනුව දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු සූදානම්.
 
සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් හිරු සමඟ බැඳුණු ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.

මෙහිදී හතේ කල්ලිය, හුස්මක් තරමට, අහස් මාළිගා සහ ආදරෙයි මං ආදරෙයි ටෙලි නාට්‍ය විකාශය වන අතරතුර එක් එක් ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් ප්‍රේක්ෂකයින් සටහන් කරගත යුතු වනවා.
 
ආදරෙයි මං ආදරෙයි, ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර විකාශය වූ සැනින් එච්.ටී.පී. හිස්තැනක්, නිවැරදි පිළිතුරු කාණ්ඩය, හිස්තැනක්, නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශයද ඇතුළත් කර 7766 ට එස්.එම්.එස්. කළ යුතුයි.
 
දවසේ තෝරාගත් වාසනාවන්ත දස ලක්ෂපතියා ඔබනම්, ඔබේ නම සිහිනයක සේයා ටෙලිනාට්‍ය අතරතුර තිරයේ දිස්වනවාත් සමඟම, විනාඩි 3 ක් ඇතුළත ටෙලි තිරයේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබාදී අනන්‍යතාව තහවුරු කළ යුතු වනවා.
 
ඒ අනුව හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි වැඩසටහනේ වාසනාවන්ත දස ලක්ෂපතියෙකු වීමට ඔබට වරම් හිමිවනු ඇති.
 
ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔබට රුපියල් ලක්ෂ 210 ක අති දැවැන්ත ත්‍යාග මුදලක් පිරිනැමෙන පළමු සහ එකම අවස්ථාව මෙයයි. හිරුගේ සදාකාලික වත්කම වූ ඔබ වෙනුවෙන්ම පිදෙන මෙම දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනාගැනීමට ඔබ කළ යුත්තේ දිනපතා හිරු ටෙලි පෙරහර නැරඹීම පමණයි.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top