රුවන් - කරපු හැම song එකකටම වඩා මේ song එක වැදෙන්න එකක් කළා. පර්ෆෝමිං පවා වෙනස් කළා. ඉතිං මේකත් මගේ මෙලඩි එකක්. මේකේ සංගීතය - බිලී ප්‍රනාන්දු, පද රචනය - ජගත් පෙරේරා, ඕඩියෝ එක දැන් හිරු එෆ්.එම්. එකේ රිලීස් කරලා තියෙනවා.
මේකේ වීඩියෝ එක කරද්දි මම ගොඩක් අසරණකමට පත්වුණා. මොකද මේකේ ඩාන්ස් කරන්න තියෙනවා මට. මොකද මට පොඩ්ඩක් ඩාන්සින් කියනදේ අමාරුයි. මේ දවස් වල ඉතිං අනේ හම්බානෙට ගෙදර ඇවිල්ලා ප්‍රැක්ටිස් කරනවා.
වයිෆ් ඉතිං පළවෙනි දවසේ මම නට්ද්දි හිනා වුණා. මම ඉතිං කල්පනා කළා මම මේ වීඩියෝ එකේ නටනව ද නැත්නම් අත්හැරලා දානව ද කියලා.
ඉතිං අතහැරියේ නැහැ කොහොම හරි එයා අන්තිමට මට සෑහෙන්න උදව් කළා ගෙදරදි. වීඩියෝ එකත් ඇත්තටම තවත් දවස් දෙක තුනකින් හිරු ටී.වී. එකෙන්ම බලන්න පුළුවන්.