Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
06
"ගොඩක් වේලාවට විජය කුමාරතුංග තමයි මගේ පෙම්වතා වුණේ, එයා මගේ හොද යාලුවෙක් වුණා..." - සුවිනීතා වීරසිංහ

- "ගොඩක් වේලාවට විජය කුමාරතුංග තමයි මගේ පෙම්වතා වුණේ, එයා මගේ හොද යාලුවෙක් වුණා..." - සුවිනීතා වීරසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

68 Views
"කෙනෙක් ඉදිරියට එනවාට තව කෙනෙක් කැමති නැහැ..."

"මට රගපාන්න සිද්ධ වුණේ එයා ඉදිරියේ, ,මට ලැජ්ජා හිතුණා.."

හැටේ දශකයේ සිංහල සිනමා අඹරට පෑයූ දීප්තිමත් තාරකාවියක වූ ඇය සුවිනීතා වීරසිංහ නම් වන්නීය. සුදු සඳේ කළු වලා තුළින් සිනමාවට පැමිණි ඇයට නිතර මුණගැසුණේ අපේ සිනමා ලෝකයේ වීරයන්ය. මේ ඇගේ කතාවයි. 

පාසල් කාලය
මම අධ්‍යාපනය හැදෑරුවේ වෛද්‍යවරියක් වීමේ අදහසින් නෙමෙයි. හැබැයි මා තුළ නිතරම සමාජයට සේවයක් කළ යුතුයි කියන අදහස තිබුණා. ඒකට තියෙන ලොකුම ඉඩප්‍රස්ථාව වෛද්‍ය වෘත්තිය කියල තමයි මම ඒ කාලේ හිතුවේ. අන්තිමේ මම වෛද්‍යවරියක් වීමේ අදහසින් බොරැල්ල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අවුරුදු තුනක් අධ්‍යාපනය හැදෑරුවා. ඒ කාලේ තමයි මට සිනමාවට එන්න ඉඩප්‍රස්ථාව ලැබුණේ.
 
රගපෑමට පිවිසීම
පුවත්පතක දැන්වීමක් දාලා තිබුණා චිත්‍රපටයකට නළු නිළියන් තෝරාගන්නවා කියලා. ඔය පුවත මගේ තාත්තා ගෙදර ඇවිත් කිව්වා. මම හිතුවා ඊට සහභාගිවෙන්න ඕනෑ කියලා එහෙම හිතලා මම සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි වුණා.
 
සුදු සඳේ කළු වලා චිත්‍රපටය
මම සම්මුඛ පරීක්‍ෂණයට සහභාගිවෙනවට අම්මා තදින්ම විරුද්ධ වුණා. මමත් ගෙදරට බලකරලා තමයි සම්මුඛ පරීක්‍ෂණයට ගියේ. එතැනදි මට බොනිපස් ප්‍රනාන්දු සමග ප්‍රධාන චරිතය කරන්න ආරාධනා ලැබුණා. ඒ වෙලාවේ මගේ හිතේ ලොකු චකිතයක් තිබුණා. මොකද මට සිනමාව ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. අනික මම හැමතැනකටම ගියේ අම්මත් එක්ක. අම්මා බලාගෙන ඉන්නකොට මට රඟපාන්න පොඩි චකිතයක් වගේම සබකෝලයක් තිබුණා. මොකද මම හරිම ළාබාලයි.
 
සුඳු සඳේ කළුවලා සදහා ලැබුණ ප්‍රතිචාර
ඊට පසුව මට ගෙදර නිකම් ඉන්න ලැබුණේ නැහැ. අම්මා ගේ විරුද්ධත්වය මත තමයි සිනමාවට ආවේ. රොබින් තම්පෝගේ සුඳු සඳේ කළු වලා කියන චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. මොකද මේකේ රඟපෑවේ බොනිපස් ප්‍රනාන්දු, ෆ්ලොරීඩා වගේ දැවැන්තයන්. මම එතකොට සිනමා ලෝකයට ආධුනිකයෙක්. නමුත් එවකට තිබුණ ඉන්දීය සිනමා රංගන ශෛලියක් තිබුණේ.
 
සුදෝ සුදු කියන්නේ රොබින් තම්පෝගේ චිත්‍රපටයක්. ඒක තමයි කේයස්ගේ කවිපොත. මම පාසලේ ඉගෙනගත්ත සුදෝ සුදු කියන කවිපොත. බොනිපස් වගේම ගාමිණී එක්ක තමයි මේ චිත්‍රපටයේ රඟපෑවේ. පළමු වතාවට සුදෝ සුදු චිත්‍රපටයෙන් ගාමිණීව මට මුණගැසෙනවා. හැබැයි ඊට කලින් ගාමිණී අපේ කිට්ටු ඥාතියෙක්. හැබැයි ඔහුගේ රංගන හැකියාව මම මුලින්ම දුටුවේ සුදෝ සුදු චිත්‍රපටය හරහායි. මේ චිත්‍රපටය නරඹන්න ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේම සුමිත්‍රා පීරිස් එදා ඇවිදින් හිටියා. එදා තමයි ලෙස්ටර් මාව මුලින්ම දුටුවේ. ඒ විතරක් නෙමෙයි මගේ රංගන හැකියාවන් දුටුවේ.
 
ලෙස්ටර්ගේ දෙලොවක් අතර චිත්‍රපටය
දෙලොවක් අතර මගේ රංගන ජීවිතයේ කඩඉමක්. මම රංගනය කියන්නේ මොකක්ද, කොහොමද රඟපාන්නේ, කලාකාරිණියක් හැසිරෙන්න ඕනෑ කොහොමද කියන සියලූ කාරණා මගේ මනසට ආවේ දෙලොවක් අතර චිත්‍රපටයෙන්. දෙලොවක් අතර චිත්‍රපටයෙන් තමයි මම සිනමාවේ පැහැදිලි මාර්ගයක් දුටුවේ. මම අදටත් ලෙස්ටර් මහත්මයාට ගෞරව කරනවා. තාත්වික රඟපෑම කියන එක අධ්‍යයනය කරන්න ඔහු ගුරුවරයෙක් වගේ මට පිහිටවුණා. ටෝනි එක්ක තමයි මට චිත්‍රපටය පුරාවටම රඟපාන්න ලැබුණේ.
 
ඞී. බී. නිහාල්සිංහයන්ගේ වැලිකතර චිත්‍රපටය
දෙලොවක් අතර චිත්‍රපටය රඟපෑවට පසුව මම හිතුවා හොඳ චරිතවලට විතරක් දායකවෙනවා කියලා. ඒ හින්දා මම අවුරුදු පහක් රඟපෑවෙ නැහැ. හැබැයි ඒ කාලෙ මට රඟපෑමට හරියට ආරාධනා ලැබුණා. නමුත් භාරගත්තෙ නැහැ. පිටපත කියවලා ඒවා ප්‍රතික්ෂේප කළා. ඒ කාලෙ වැඩිපුර බිහිවුණේ වාණිජ රැල්ලෙ නිර්මාණ. කලාතුරකින් තමයි කලාත්මක නිර්මාණ බිහිවුණේ. නිහාල්සිංහ ගේ පිටපත කියෙව්වාට පසුව වගේම රඟපාන්නෙ කවුද කියලා දැනගත්තහම මම කැමැත්තෙන් වැලිකතර භාරගත්තා.
 
මට එහිදී ගාමිණී වගේම ජෝ අබේවික්‍රම මුණගැසෙනවා. මගේ හැකියාව, නිර්මාණ ශක්තිය එළියට ආවේ ජෝට සහ ගාමිණීට මැදිවෙලා වැඩකරපු හින්දා. මම ඒ අභියෝගය භාරගත්තා. පළමු සිනමාස්කෝප් චිත්‍රපටය.
 
වැලිකතර විචාරක සම්මානයට පාත්‍රවීම
ඒ ගැන මම සතුටවෙනවා. බොහොම හොඳ ප්‍රචාරයක් ලැබුණා. බොහොම ගෞරවනීය විදිහට මගේ රංගනය ගැන කතා කළා. වැලිකතරේ ගීතාට 1972 දී ටෂ්කන්ට් සිනමා සම්මාන උළෙලට සහභාගිවීමේ අවස්ථාව උදාවෙනවා. ඞී.බී. නිහාල්සිංහයන්ගේ වැලිකතර චිත්‍රපටය නියෝජනය කරන්න අවස්ථාව උදාවෙනවා.
 
කැපිලි කෙටිලි
මම ක්‍ෂේත්‍රයට ආපු දවසෙ ඉඳන් අද වෙනකම් කැපිලි කෙටිලි නම් අනන්තයි, අප්‍රමාණයි. මට හිතෙනවා ද්වේෂය, ක්‍රෝධය, වෛරය කියන දේවල් කලාකරුවන් අතර බහුලව තියෙන දෙයක් කියලා කෙනෙක් ඉදිරියට එනවාට තව කෙනෙක් කැමති නැහැ. අපේ රටේ කලාකරුවන් අතර හරියට කල්ලිවාදය තියෙනවා.
 
හුලවාලි චිත්‍රපටය
හුලවාලි චිත්‍රපටයට මට ආරාධනා ලැබුණේ එහි අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ඒ. සිල්වා හරහායි. එහිx ගාමිණී වගේම ටෝනි සමග මට වැඩකරන්න ලැබෙනවා. එහිx මට ද්විත්ව චරිතයක් තමයි කරන්න ලැබුණේ. හුලවාලි වෙනස්ම කතාවක්.
 
නැවතත් ඔබට ගාමිණී සහ ටෝනි සමග වැඩකරන්න ලැබෙනවා
ඔව්. දයා රාජපක්‍ෂගේ ආදර කතාවක්. ඒක හොඳට අධ්‍යයනය නොකළා නම් හරියට මේ චරිතය කරන්න බැරිවෙනවා.
 
හුලවාලි සමග ටෙහෙරාන් චිත්‍රපට උළෙලට
හුලවාලි ටෙහෙරාන් චිත්‍රපට උළෙලේ තරගකාරී අංශයට නෙමෙයි ඉදිරිපත් කළේ. වෙළෙඳ අංශයටයි. ඒ නිසා ඒ ගැන මා තුල ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි මම ටෙහෙරාන් නගරයේදී අත්දැකීම් රැසක් ලබනවා.
 
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අනුපමා
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පළමු චිත්‍රපටයේ වැඩකරන්න මට ආරාධනා ලැබෙනවා. ඒකත් දයා රාජපක්‍ෂයේ පින්තූර කතාවක්. අනුපමාගේ චරිතය රඟපෑවේ මම. විජය කුමාරතුංග මගේ පෙම්වතා විදිහට තමය එහි රඟපෑවේ. මාලනී ෆොන්සේකා පවා මෙහිදී මාත් එක්ක වැඩ කළා.
 
සඳමාලි, සිකුරුලියා, සතුන්තලා, මලට නොඑන බඹරු, ජනේලය, සතිපූජා කියන නිර්මාණ
සිකුරුලියා හි මට ජෝ, විජේ එක්ක වැඩකරන්න ලැබෙනවා. ජෝ එක්ක ගාම්භීර චරිතයක් කළා ෂෙල්ටන් පයාගලගේ මලට නොඑන බඹරු චිත්‍රපටය හරහා. මම සනත් එක්ක සතිපූජා හි කරපු චරිතය ගැනත් සෑහීමකට පත්වෙනවා. චාන්දනී සෙනෙවිරත්න සිනමාවට පිවිසුණේ සතිපූජා චිත්‍රපටය හරහායි. ජනේලයේ චිත්‍රපටයේ මම එකදිගටම රඟපාන්නේ නැහැ. නමුත් මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන විදිහට මම වැඩකළා. ඒ මොකද පුංචි චරිතයක් වුණත් හරියට හදාරලා කළොත් රසිකයන්ගේ මතකයේ රැඳෙනවා. ඒක තමයි හැකියාව කියන්නේ.
 
ගාමිණී, ටෝනි, විජය, ජෝ වගේ දැවැන්තයන් මුණගැසීම
වැලිකතර චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම සමග මම කරට කර රඟපෑවා. වැලිකතර තමයි හැටේ දශකයේ බිහිවූ සුවිශේෂී චිත්‍රපටය. අදටත් ඒ ගැන බොහෝ දෙනා කතාබහ කරනවා. දෙලොවක් අතර චිත්‍රපටයේ මම ටෝනි එක්ක කරට කර වැඩකළා. කතාවේ හැටියට ටෝනි මගේ ඉතාම හොඳ සුහද මිත්‍රයෙක්. ජීවරාණි, අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රසිද්ධ අය මේ චිත්‍රපටයේ හිටියා. නමුත් මට දිගටම රඟපාන්න ලැබුණේ ටෝනි සමග. විජය එක්ක මට ගොඩක් වෙලාවට වැඩකරන්න ලැබුණේ පෙම්වතිය විදිහට. අනූපමා, සිකුරුලියා චිත්‍රපටවල විජය මගේ පෙම්වතා විදිහට රඟපෑවා. ගාමිණී එක්ක බොහොම සංකීර්ණ, ගැඹුරු චරිත තමයි කරන්න ලැබුණේ.
 
දිනේෂ් විතාන
දිවයින
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top