Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
05
"ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8ක් වහාම අත්අඩංගුවට ගන්න.." - නීතිපති වැඩබලන පොලිස්පතිට දන්වයි - Video

- "ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8ක් වහාම අත්අඩංගුවට ගන්න.." - නීතිපති වැඩබලන පොලිස්පතිට දන්වයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා යවා තිබෙනවා.
 
ඒ, ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම එමගින් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේයී.
 
එම නඩුවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පුද්ගලයින් පස් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණා.

ඒ,
 
· ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති යාපා හෙට්ටි පතිරැන්නැහැලාගේ නිශ්ශංක යාපා සේනාධිපති
 
· ජාතික පොලිස් කොමිසමේ වත්මන් ලේකම් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක
 
· යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්, වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු
 
· යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩාර අධිකාරී එගොඩවෙලේ සහ
 
· නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ යන අයයි.
 
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ විභාගයට ගැනුණා.
 
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහම නිශ්ප්‍රභ කර තිබෙනවා.
 
ඒ අනුව ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවට අදාළ නඩුව සම්බන්ධයෙන් ඉහත සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ කිසිදු නෛතික බාධාවක් නැතැයි නීතිපතිවරයා විසින් වැබබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළා.
 
එම සැකකරුවන් අතරින් නිශ්ශංක සේනාධිපති සහ විශ්වජිත් නන්දන දියබලනගේ යන පුද්ගලයින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශ කිරීමට ප්‍රථම විදෙස්ගත වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
 
එම සැකකරුවන් පස් දෙනාට අමතරව
 
· ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඞී.එම්.එස්.දමයන්ති ජයරත්න
 
· ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් පී.බී.ප්‍රේමචන්ද්‍ර සහ
 
· රක්නා ලංකා සමාගමේ සභාපති හෙක්ටර් සමරවීර වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද අදාළ ලිපිය මගින් දැනුම්දී තිබුණා.
 
අලූතින් සැකකරුවන් ලෙස නම් කළ ඉහත තුන්දෙනා සම්බන්ධයෙන් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ කටයුතු කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි ප්‍රගතිය එළැඹෙන 08 වැනිදාට පෙර වාර්තා කරන ලෙසද නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
 
නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකළ ලිපියේ දැක්වෙන්නේ ඉහත සැකකරුවන් අට දෙනා සම්බන්ධයෙන් ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනතේ ඇතැම් වගන්ති ප්‍රකාරව, වරදවල් සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු, විමර්ශන සටහන් සහ ලේඛණමය සාක්ෂි අධ්‍යයනය කිරීමේදී පෙනී යන බවයි.
 
ඊට අමතරව ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති, ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක සහ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් පී.බී.ප්‍රේමචන්ද්‍ර යන අයට බොරු සාක්ෂි ගෙතීම සහ ඊට ආධාර අනුබල දීම යටතේද චෝදනා ගොනුකළ හැකි බව මෙම ලිපියේ සඳහන්.
 
අදාළ ලිපියේ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂවරයාටද යොමුකර තිබෙනවා.
 
ගාලූ වරාය ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා ධජය සහිතව යාත්‍රා කරමින් තිබූ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව පිළිබඳව තොරතුරු පළමු වරට වාර්තා වූයේ 2015 වසරේ ඔක්තෝම්බර් මස 05 වැනිදායී.
 
එහි සැක කටයුතු හැසිරීම් හේතුවෙන් නාවික හමුදාව නෞකාව තම භාරයට ගෙන පරීක්ෂාවට ලක් කළ අතර, එහි තිබී ස්වයංක්‍රීය ගිනි අවි 813 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ 935 ක් සොයා ගැනුණා.
 
පසුව එම නෞකාව, එහි තිබී සොයාගත් ගිනි අවි සහ එය අයත් ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකෙරුණු අතර, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු ආරම්භ කළා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top