බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාශය නමින් නව කොට්ඨාශයක් පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
රථ වාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාලනය යටතේ මෙම කොට්ඨාශය පිහිටුවීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
පවතින මාර්ග තදබදය අවම කර ගැනීම මෙහි අරමුණ වී තිබෙනවා.