මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ නම් ජී.එස්.පී බදු සහනය අවලංගු කරන බවට යුරෝපා සංගමය සිදුකළ ප්‍රකාශය තර්ජනයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින ප්‍රධාන සමුළුවට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද එක්වෙමින්.
මෙහිදී ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ ඉදිරිපත් කර ඇති විරෝධය පිළිබදව ද අදහස් ප්‍රකාශ කර සිටියා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස කුමන අයුරකින් හෝ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ.