නව ආදායම් මාර්ග සොයා ගැනීම සදහා චීනය ඇතුළු විදෙස් රටවලින් දුම්වැටි ආනයනය කිරීමට අවසර ලබා දුන් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කෙසේ වෙතත්, මුදල් අමාත්‍යවරයාගේ මෙම තීරණය තුළින් රට ආගාධයකට ඇද වැටෙන බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
ඔවුන් කොළඹ දී ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කලේ මුදල් අමාත්‍යවරයාගේ මෙම තීරණයට තමන් දැඩි ලෙස විරෝධය පළ කරන බවයි.
එම මාධ්‍ය හමුවට රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු ද එක්ව සිටියා.