Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
26
බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක් STF මෙහෙයුමකින් සොයා ගනී, පිලීපීන් කතක් හා ලාංකික සැමියා අත්අඩංගුවට

- බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක් STF මෙහෙයුමකින් සොයා ගනී, පිලීපීන් කතක් හා ලාංකික සැමියා අත්අඩංගුවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,095 Views
කඩුවෙල හොරපොත ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන සන්නිවේදන මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා.
 
එය පවත්වාගෙන ගිය පිලිපීන ජාතික කාන්තාවක් සහ ඇයගේ ශ්‍රී ලාංකික සැමියා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
 
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව අද උදෑසන 11.30ට පමණ මුල්ලේරියාව ගල්හේන පාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගැනුනා.

36 හැවිරිදි යුවළගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් තොරතුරු මත කඩුවෙල හොරපොත ප්‍රදේශයේ පවත්වාගෙන යන බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානය වටලා තිබෙනවා.
 
එහිදී තවත් සැකකරුවෙකු මෙන්ම දේපළ රැසක් ද අත්අඩංගුවට ගැනුනා.
 
සිම් කාඩ්පත් 1764ක්, ජංගම දුරකථන 30ක්, ලැප්ටොප් පරිගණකයක් ඇතුලු උපකරණ රැසක් ඊට අයත්.
 
සිද්ධිය පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top