ගායනයත් දුටුවන් සිත් ඇඳගන්නා රූ සපුවත් නිසා ශකිරා අද ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.
මෑතකදී ඇයට නීතිමය ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවුණා. ඇය ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනාවක් නැගිලා.
ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ ඩොලර් මිලියන 16 ක බදු මුදලක් ඇය විසින් ගෙවා දැමීම පැහැර හැර ඇති බවයි.
මේ පිළිබඳව සිදු කෙරෙන නඩු විභාගයට මුහුණ දීමට පසුගියදා ඇය ස්පාඤ්ඤයේ බාසිලෝනා හි අධිකරණයක් ඉදිරියේ පෙනී සිටියා.
බාසිලෝනා අධිකරණයට උදෑසන 10 ට පමණ පැමිණි ශකිරා, තම වාහනයෙන් බැස ඉක්මන් ගමනින් අධිකරණ ශාලාවට පියමැන්නේ පැපරාසි කැමරා කරුවන්ගෙන් බේරීමටයි.
නඩු විභාගයේදී පැමිණිල්ල මෙහෙයවූ නීතිඥවරුන්ගේ චෝදනාව වූයේ ශකිරා ස්පාඤ්ඤයේ කැටලෝනියා නගරයේ පදිංචිව සිටියද ඇය කැරිබියන් දූපත් හි බහමාස් නගරයේ ද ජීවත් වූ බවයි.
2012 සිට 2014 දක්වා කැටලෝනියා හි ස්ථිර පදිංචිකාරියක වූ නිසා ඇය එම කාලය වෙනුවෙන් බදු මුදල් ගෙවිය යුතු වුව ද එම ගෙවීම පැහැර හැර ඇතැයි ද ඔවුන් තවදුරටත් තර්ක කරනවා.
ශකිරාගේ පාර්ශ්වයෙන් පැවසෙන්නේ ගෙවිය යුතු බදු මුදල් කොපමණ දැයි දැන ගත් වහාම ඇය එම මුදල් මේ වනවිට ගෙවා ඇති බවයි.