Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
23
"හැමෝම කියනවා විවාහ වුණාට පස්සේ ජනප්‍රියත්වය අඩුවෙනවා කියලා. නමුත් විවාහ වුණාට පස්සේ මට ප්‍රේක්ෂක ආදරය ඩබල් වුණා..." - රොෂාන් රණවන - Photos

- "හැමෝම කියනවා විවාහ වුණාට පස්සේ ජනප්‍රියත්වය අඩුවෙනවා කියලා. නමුත් විවාහ වුණාට පස්සේ මට ප්‍රේක්ෂක ආදරය ඩබල් වුණා..." - රොෂාන් රණවන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,439 Views
අද වෙනකල් එයා මට තහංචි දාලා නෑ, ඇය තමයි මගේ හොඳම විචාරකයා..
 
වෙන අරමුණු තියාගෙන වැඩ කළොත් කවුරු වුණත් අසාර්ථක වෙනවා..
 
ඉක්මනින් ඒ හීනයත් හැබෑවේවි. බලමු ඉදිරියේදී...
 
රොෂාන් රණවන කියන්නේ රිදී තිරයේ ඉන්න කඩවසම් නළුවෙක්. ඒ කඩවසම් නළුවාගේ රංගන දක්ෂතා පුංචි තිරයේදීත් ඉදහිට දකින්න ලැබෙනවා. ඉතින් ඔහු, ඔහු ගැන අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මෙහෙමයි...

රොෂාන් මේ දවස්වල සුපුරුදු පෙම්වතාගෙන් මිදිලා වෙනස් විධියට ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්?
ඔව්, මේ දවස්වල මම රඟපාන “සුබා තෙරණියෝ” චිත්‍රපටය සහ “ගෝරි” චිත්‍රපටය තිරගත වෙනවා. සුබා තෙරණියෝ චිත්‍රපටයේ මම රඟපාන්නේ නන්ද කුමාරයාගේ චරිතය. සල්ලාල බේබදු චරිතයක් වුණු ඔහු අනිත්‍ය තේරුම් අරගෙන මහණවෙලා රහත්භාවයට පත් වෙනවා. පළමුවරට තමයි මට මේ වගේ චරිතයක් කරන්න ලැබුණේ. මම කරමින් හිටපු චරිතවලට වඩා වෙනස් වුණ අභියෝගයක් වුණ චරිතයක් ඒක. “ගෝරි” චිත්‍රපටයේ දුෂ්ටයා වුණා මම. එහි රංගනයේ වෙනස වගේම චරිතය මතු කරන්න හඬ පවා මම වෙනස් කළා.
 
ඒකාකාරි චරිත රැල්ලෙන් මිදෙන්න අධ්‍යක්‍ෂකවරු ඔබට අවකාශය තනලා නේද?
මට ඒකාකාරි චරිත රැල්ලෙන් මිදෙන්න ඕන වුණා. අවශ්‍යතාව තිබ්බට ඒ අවස්ථාව මට ලැබුණේ නැහැ. නමුත් උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයෙන් මට ඒකාකාරි පෙම්වතාගෙන් මිදෙන්න පුළුවන් වුණා. ෆේස්ටු ටු ෆේස්ට් චිත්‍රපටයේ මම ද්විත්ව චරිත නිරූපණයක් කළා. ඒකත් වෙනසක්. නමුත් ඒක තාම තිරගත වුණේ නැහැ. හර්ෂ තමයි මාව වෙනස් කරන අභියෝගය ගත්තේ. ලංකාවේ ගොඩක් වෙලාවට වෙන්නේ රංගන ශිල්පියා හෝ ශිල්පිනිය පළමුවැනියටම කළ චරිතයේ රාමුවකට කොටුවීම. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. දැන් මට වෙනස් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මම ඒකෙන් හරි ප්‍රයෝජනය ගනිමින් ඉන්නවා.
 
බොහෝ අය ආදරය කරන්නේ පෙම්වතාට. රොෂාන් මවන දුෂ්ටයා ප්‍රේක්‍ෂකයා කොයි තරම් දුරට වැලඳ ගනියිද? ඔබව ප්‍රතික්‍ෂේප වෙයි කියලා බයක් නැද්ද?
මට සිනමාවේ වීරයා වෙන්න වගේම දුෂ්ටයා වෙන්නත් පුළුවන්. අද වෙනකොට බුද්ධිමත් ප්‍රේක්‍ෂකයින් පිරිසක් ඉන්නවා. රංගන ශිල්පියාගේ කුසලතාවට කැමැති නම් ප්‍රේක්‍ෂකයා ඒ වෙනස භාර ගනියි. මොකද රංගන ශිල්පියා නිර්මාණයේදී දුෂ්ටයා වුණාට ඒ ඔහුගේ සැබෑ ජීවිතය නෙවෙයි. මම හිතන්නේ මට යම් ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස මගෙන් වෙනසක් දකින්න බලාපොරොත්තුවෙන් සිටියා. රංගන ශිල්පියෙක් වුණාම අභියෝග භාරගන්න ඕන.
 
රොෂාන්ගේ වෙනසට ප්‍රතිචාර ජයද?
ඇත්තටම බොහෝ අය හිතුවේ නෑ මට වෙනස් වෙන්න පුළුවන් වෙයි කියලා. ගොඩක් අය චරිතවලින් මගේ වෙනස්කම අගය කළා. ප්‍රවීණයන් පවා එය අගය කළා. මම මේ චරිතවලට සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතනවා. ලැබෙන හොඳ ප්‍රතිචාරවලට අනුව රොෂාන්ට කරන්න පුළුවන් මෙච්චරයි කියලා සමහර අය ඉරක් ඇඳලා සීමාවක තියලා තිබ්බා. ඉතින් ඒ සීමාව පැනලා දෙයක් කරන්න පුළුවන් කියන දේ මම පෙන්නලා තියෙනවා.
 
ඔබ දැන් ලැබෙන ඕනෑම වෙනස් චරිතයක් භාර ගන්නවද?
මට ලැබෙන චරිතයෙන් මොනවද කරන්න පුළුවන් කියලා බලනවා. දැන් වෙනකල්ම මම ලැබෙන හැම දෙයක්ම කරපු කෙනෙක් නොවෙයි. සමහර අවුරුදුවල මගේ චිත්‍රපට දෙකක්, තුනක් රිලීස් වුණා. සමහර අවුරුදුවල එක චිත්‍රපටයයි රිලීස් වුණේ. සමහර අවුරුදුවල එක චිත්‍රපටයක්වත් තිරගත වුණේ නැහැ.
 
ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ "නිහඬ සෙවණැලි" කියන චිත්‍රපටය. එහි මම වෙනස් ප්‍රධාන චරිතයක් කරනවා. මම තව ආර්ට් ෆිල්ම් එකක පොඩි චරිතයක් කළා. ඒක පොඩි චරිතයක් වුණත් වෙනසක් තියෙන චරිතයක්. මම මගේ බජට් එකට එකඟ නම් ඒ චරිතය තුළ දෙයක් කරන්න තියෙනවා නම් එයට සම්බන්ධ වෙනවා.
 
රොෂාන්ගේ ජනප්‍රියත්වය එක්ක ප්‍රධාන චරිතවලට පෙනී හිටින්න වුවමනාවක් නැද්ද?
නැහැ. මට එහෙම වුවමනාවක් නැහැ. ප්‍රධාන චරිතයම බල බල හිටියොත් මට අවශ්‍ය දේ කරන්න ලැබෙන්නේ නෑ. රංගන ශිල්පියෙක් වුණාම ඕන චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන.
 
රොෂාන් වැඩිපුර දකින්නේ සිනමාවේ. සිනමාවේ වැඩවලටත් වඩා ටෙලි තිරයේ වැඩවලදී රොෂාන්ගේ තෝරාගැනීම් වැඩිද?
මට ටෙලිනාට්‍යවලට ආරධනා ලැබෙනවා. නමුත් මම ඒ හැමදේම කරන්නේ නැහැ. ටෙලි නාට්‍යවල වුණත් හොඳ චරිතයක් ලැබුණොත් අතහරින්නේ නැහැ. මම නිර්මාණයක් භාර ගනිද්දී චරිතය සුදුද කළුද, රඟපාන ප්‍රධාන නිළිය කවුද කියන ඒවා මට අදාළ නැහැ. වෙනසක් නම්, නිර්මාණයේ ගෙවීම් හොඳ නම් එය භාරගන්නවා.
 
ක්ෂේත්‍රයට ඇවිත් හැරිලා යන බොහෝදෙනා අතරේ රොෂාන් පැවැත්ම ආරක්ෂා කරගෙන. ක්ෂේත්‍රයේ පැවැත්ම තියාගන්න රහස් තියෙනවාද?
මෙහෙමයි. සිනමාවේ හෝ වෙන මොනම ක්ෂේත්‍රයක වුණත් පැවැත්ම තියාගන්න අපි මහන්සි වෙන්න ඕනේ. මේ ක්ෂේත්‍රයේ නම් ඒකාකාරී වුණොත් පැවැත්මක් නෑ. ඒකාකාරී වුණොත් ප්‍රේක්‍ෂකයන්ටත් අපිව එපා වෙනවා. ඒ නිසා ප්‍රේක්‍ෂකයන් අතරට වෙනස් චරිතවලින් එන්න ඕනේ. ඒ වගේම තමන් කරන වෘත්තියට අවංක වෙන්න ඕන. ගරු කරන්න ඕන. ඒක ඕනෑම ක්ෂේත්‍රයකට පොදුයි. අද ක්ෂේත්‍රයේ සමහරු අවශ්‍ය වැඩේ නෙවෙයි කරන්නේ. වෙන අරමුණු තියාගෙන වැඩ කළොත් කවුරු වුණත් අසාර්ථක වෙනවා.

ඒ වගේම සමහරු හිතන්නේ යම් නිර්මාණයකට සම්බන්ධ වෙලා ගෙවීම් අරගෙන ගියාම හරි කියලා. නමුත් චිත්‍රපටයක් වුණත් තිරගත කරලා අවසන් වෙනකල් අපිට එය ආරක්ෂා කරගන්න වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රවර්ධන කටයුතුවලට පවා අපේ සහාය දෙන්න ඕන. සමහරු ඒ වගේ දේවල් ගැන හිතන්නේ නැහැ. අපි හිතන්නේ නැති පොඩි පොඩි දේවල්වලින් පවා පැවැත්ම ආරක්ෂා කරගන්න පුළුවන්.
 
අද ඉන්න සිනමා තරු අතරේ ඔබට ලැබෙන තැන ගැන සතුටු වෙන්න පුළුවන්ද? නැත්නම් වෙනත් අය නිසා ඔබට අහිමි වුණු අවස්ථාත් තියෙනවාද?
අවස්ථා නැතිවෙලා තියෙනවාද මම දන්නේ නැහැ. මම නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 18යි. මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15යි. මගේ පළමුවැනි චිත්‍රපටය හිරිපොද වැස්ස. එය ඉතාම ජනප්‍රිය වුණා. මම රඟපාපු තුන්වැනි චිත්‍රපටය ආසයි මං පියාඹන්න. එයත් එහෙමයි. මම රඟපාපු චිත්‍රපටවල ගොඩක් ගීතවලට තාමත් ප්‍රේක්ෂකයෝ ආදරය කරනවා. මට ප්‍රධාන චරිත ලැබුණා. නිර්මාණ ජනප්‍රිය වුණා.

ඒක එක්තරා විධියක වාසනාවක්. මට දුකකට තිබුණේ වෙනස් චරිත නොලැබීම. නමුත් ඉතින් අපට ඕන හැමදෙයක්ම දෛවයේ ලියවෙන්නේ නෑනේ. දැන් මට වෙනස් චරිතවලට සම්බන්ධ වෙන්න ලැබිලා තියෙනවා. ඉදිරියේදී වුණත් අධ්‍යක්ෂවරු මාව වෙනස් චරිතවලට යොදාගනියි කියලා හිතනවා.
 
අලුත් අලුත් බොහෝදෙනා ක්ෂේත්‍රයට ඇවිත්. ඒ අතරේ රොෂාන්ගේ ජනප්‍රියත්වයේ අඩු වැඩි වීම් සිද්ධ වෙලාද?
මට නම් ජනප්‍රියත්වයේ වෙනසක් දැනිලා නැහැ. නිර්මාණවල අඩු වැඩි වීම් වෙන්න ඇති. ඒත් ජනප්‍රියත්වය වෙනස් වුණේ නැහැ. බොහෝ අය කියනවා විවාහ වුණාට පස්සේ ජනප්‍රියත්වය අඩු වෙනවා කියලා. නමුත් විවාහ වුණාට පස්සේ ප්‍රේක්ෂක ආදරය ඩබල් වුණා වගේ මට දැනුණේ.
 
දැන් බොහෝ අය සම්මානවලින් තමයි ජනප්‍රියත්වය මනින්නේ. ඇත්තටම ජනප්‍රිය සම්මාන ලබන අයද ජනප්‍රිය?
ජනප්‍රිය සම්මානය, හොඳම නළුවා, සම්මානය, ජනප්‍රිය හොඳම හැමෝටම ලැබෙන්නේ නැහැ. ජනප්‍රියත්වය සම්මානයකින් මනින්න බෑ. සම්මානය රංගන ශිල්පියාට උත්තේජනයක්. නමුත් ප්‍රේක්ෂකයාට දැනෙන දෙයක් කළොත් ඔවුන් හැමදාම ආදරය කරයි.
 
රොෂාන්ගේ රංගන කටයුතුවලට බිරියගෙන් තහංචි වැටිලම නැද්ද?
මම රංගනයට එන්න කලින් ඉඳලම තමයි කුෂ්ලානිව හඳුනන්නේ. අපේ හැඳුනුම්කමට අවුරුදු දහසයක් විතර වෙනවා. අද වෙනකල් එයා මට තහංචි දාලා නැහැ. එයා හැමවෙලේම මට කියන්නේ හොඳ අවස්ථා භාරගන්න කියලා. මට පෙනෙන්නේ නැති බොහෝ දේ ඇයට පේනවා. ඇය තමයි මගේ හොඳම විචාරකයා. ඇය මට කියන්නේ ප්‍රේමවන්තයාගේ චරිතය කරද්දී තාත්වික නෑ කියලා. තව තාත්විකව ඒ රංගනය කරන්න කියලා තමයි එයා මට කියන්නේ. ඇත්තටම ඇයගෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා.
 
පෞද්ගලික ජීවිතේ ඉදිරි හීන මොනවාද?
හැමදාම සතුටින්, සැහැල්ලුවෙන් ජීවත් වෙන එක තමයි අපේ බලාපොරොත්තුව. අපි දෙන්නා සංචාරයට වැඩිපුර කැමැතියි. ඉතින් ඒ සතුට, සැහැල්ලුව එක්ක ජීවත් වෙනවා.
 
මවු-පිය පදවි දරන හීනය කල් වැඩිද?
මවුපියන් වෙන බලාපොරොත්තුවක් තියෙනවා. ඉක්මනින් ඒ හීනයත් හැබෑවේවි. බලමු ඉදිරියේදී.
 
රංගන ජීවිතයේත් ඊළඟ පියවර ගැන සැලසුම් ඇති?
තව හොඳ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තරය තුළ යමක් කරන්න කැමැත්තක් තියෙනවා.
 
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top