Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
23
දෙදිනක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන්. ධාවනය අද සිට යථා තත්ත්වයට

- දෙදිනක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන්. ධාවනය අද සිට යථා තත්ත්වයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

654 Views
අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් සිය වැටුප් විෂමතා ගැටළුව විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වුණා.
 
මේ හේතුවෙන් අඩපණ වූ දුම්රිය සේවය අද පස්වරුවේ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති කියා සිටියේ.
 
පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ දුම්රිය එන්ජින් රියදුරු සංගමය, දුම්රිය නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව මෙම වැඩවර්ජනය ආරම්භ කළා.

ඒ හේතුවෙන් ඊයේ සහ පෙරේදා දිනයේ දෛනික දුම්රිය ගමන්වාර බහුතරයක් අවලංගු කිරීමටයි පාලනාධිකාරියට සිදුවුණේ.
 
මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවන්ට ලක්වූ අතර, ඔවුන් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ට විරෝධය පළ කරන ආකාරයක්ද දක්නට ලැබුණා.
 
මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළද, ඉල්ලීම් සඳහා නිශ්චිත පිළිතුරු ලබාදෙනතුරු සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රි දොලහේ සිට පැය 24 වැඩ වර්ජනයක නිරතවීමට දුම්රිය වෘත්තීය සමිති ඊයේ රැස්වී තීරණය කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top