බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් හෙවත් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම සඳහා කිසිදු අයිතියක් නොමැති බව එම ආයතනයේ හිටපු සභාපති, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසනවා.
කෙසේවෙතත්, මෙම ආයතනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ඇත්තේ මෙම ආයතනය හදිසි නීතිය යටතේ වහාම රජයට පවරා ගත යුතු බවටයි.
මඩකලපුව පූනානි ප්‍රදේශයේ ඉදිකර ඇති බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පසුගිය දිනවල දැඩි කතාබහකට ලක් වුණේ පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරයත් සමඟයි.
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා කලක් සභාපතීත්වය දැරූ මෙහි ඉස්ලාමීය ෂරියා නීතිය හා සම්බන්ධ මූලධර්මවාදී විෂයන් ඉගැන්වීමට කටයුතු යොදා ඇති බවට චෝදනා එල්ල වුණා.
කෙසේවෙතත්, එම ආයතනයේ පාලක මණ්ඩලය අදාල චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර මෙම ආයතනය පිළිඳව සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරිමට පැවරුණේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙතයි.
ඒ අනුව කාරක සභාවේ සාමාජිකයින් පසුගිය මැයි 17 වෙනදා බැටිකලෝ කැම්පස් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා.
ඒ අනුව බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි බැටිකලෝ කැම්පස් ආයතනය පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
මෙම ආයතනයේ ෂරියා නීතිය ඉගෙන්වීමක් සිදු නොකරන බවට එහි පාලන අධිකාරිය පුන පුනා ප්‍රකාශ කළද, අදාල කාරක සභ වාර්තාවේ පැහැදිලිව දක්වා ඇත්තේ මෙම අයතනය වෙනත් පාඨමාලා පවත්වන මුවාවෙන් ෂරියා නීතිය හෝ ඉස්ලාම් මූලධර්ම වාදීන් බිහිකරන ආයතනයක් බවට කාරක සභාව විශ්වාස කරන බවයි.
එකී ආයතනය සම්බන්ධයෙන් උසස් ආධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කර ඇති ලියවිලි වලින් සහ එහි ගොඩනැගිලි සහ සංකේත ඉස්ලාම් ආගමට සහ අරාබි ගෘහ නිර්මාණ වලට සමාන වීම එම විශ්වාසය සනාථ කරන්නක් බවටද වාර්තාවේ දක්වා තිබෙනවා.
බැටිකලෝ කැම්පස් ආයතනය ඉදිකිරීමට රුපියල් බිලියන 3.6ක මුදලක් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ආයතන බලධාරීන් පරස්පර මත පල කිරීම නිසා සවුදි අරාබි තානාපති කාර්යාලය හරහා සහ මෙරට පොලිසියේ බරපතල මූල්‍ය අපරාද ඒකකය හරහා පරීක්ෂණයක් සිදු කළ යුතු බවටද එහි සඳහන්.
මෙම ආයතනය ඉදිකිරිම සඳහා අසේලපුර ප්‍රදේශයෙන් අක්කර 35ක ඉඩමක් බද්දට ලබා ගෙන තිබුනද, ඊට අමතරව තවත් අක්කර 8ක් අනවසරයෙන් භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම එහි ඉදිකිරීම් සඳහා අදාල උතුරු වාකරේ ප්‍රාදේශීය සභාවේ අනුමැතියද ලබා ගෙන නැහැ.
කාරක සභා වාර්තාව මඟින් නිර්දේශ කර ඇත්තේ මෙම ආයතනයට ලැබුණු මුදල් නීතිවිරෝධී වන හෙයින්ද, අනවසර ඉදිකිරීම් සිදු කර ඇති හෙයින්ද, මෙහි සියලූම ගොඩනැගිලි සහ වත්කම් රජයට පවරා ගත යුතු බවයි.
එමෙන්ම, මෙම ආයතනය ඉදිකිරීමේදී නීතිවිරෝධී ක්‍රියා රැසක් සිදුවී ඇති බවට අනාවරණය වී ඇති නිසා ඊට සම්බන්ධ සියලූම පාර්ශ්ව වලට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවටද එම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.
කෙසේවෙතත්, අප මේ පිළිබඳව බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගෙන් විමසීමක් කළා.
VIDEO