Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
22
කල්මුණේ උපවාසය නවත්තන්න ඥාණාසාර හිමි පැමිණෙයි. උණුසුම් තත්ත්වයකින් පසු උපවාසය යළි ඇරඹෙයි - Video

- කල්මුණේ උපවාසය නවත්තන්න ඥාණාසාර හිමි පැමිණෙයි. උණුසුම් තත්ත්වයකින් පසු උපවාසය යළි ඇරඹෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,153 Views
කල්මුණේ - උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලයක් බවට පත් කරන ලෙස ඉල්ලා උපවාසයේ නිරත 5 දෙනාගෙන් සිව් දෙනෙකු අද ඉන් ඉවත්ව තිබෙනවා.
 
ඒ එම උපවාසය පැවති ස්ථානයට බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ පැමිණීමෙන් පසුවයි.

එහිදී අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ජා කර විසදුමක් ලබාදෙන බව උන්වහන්සේ පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව කල්මුණේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති පූජ්‍ය රන්මුතුගල සංඝරතන හිමියන්, සචිත්‍රා නන්දන් කුරුක්කල්තුමන්, කල්මුණේ නාගරික මන්ත්‍රී අලගකෝන් විජේරත්නම් සහ දෙමළ වෙළද සංගමයේ නියෝජිතයෙකු මෙලෙස තාවකාලිකව උපවාසයෙන් ඉවත් වූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.

කෙසේ වෙතත්, කල්මුණේ නාගරික මන්ත්‍රී චන්ද්‍රසේකරන් රාජන් තවදුරටත් උපවාසයේ නිරත වනවා.

කල්මුණේ - උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලයක් බවට පත් කරන ලෙස ඉල්ලා 5 දෙනෙකු උපවාසයක් ආරම්භ කළේ මීට දින 6 කට පෙරයි.

එම උපවාසය පැවැත්වෙන ස්ථානයට ඊයේ අමාත්‍ය දයාගමගේ සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පැමිණි අතර එහිදී ඔවුන්ට ජනතාවගෙන් දැඩි විරෝධයක් ද එල්ල වුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top