Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
22
වෙඩි වැදීමෙන් තුවාල වුණු වන අලියෙකුට අත් වී ඇති ඉරණම - Video

- වෙඩි වැදීමෙන් තුවාල වුණු වන අලියෙකුට අත් වී ඇති ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,191 Views
ඕමන්ත පාලමොට්ටෙයි වැව ආසන්නයේ වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටින වන අලියාට ප්‍රතිකාර කිරීම තවදුරටත් සිදු කෙරෙනවා.
 
බඳින තුවක්කුවක් පත්තු වීමෙන් මෙම වන අලියාගේ ඉදිරිපස දකුණු පාදයට තුවාල සිදුවී ඇති අතර එම සත්වයාගේ එක් ඇසක පෙනීම ද අහිමිවී ඇතැයි සඳහන්.

වයස අවුරුදු 35ක් පමණ වන මෙම අලියාගේ උස අඩි 8ක් පමණ වනවා.

දින 10ක පමණ කාලයක් වැව් ඉස්මත්තේ රැඳී සිටි වන අලියා පිළිබඳ ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුවයි වනජීවී නිලධාරීන් ප්‍රතිකාර ආරම්භ කර ඇත්තේ. 

පාදයේ තුවාල හේතුවෙන් ඇවිදීමට නොහැකි තත්වයක පසුවන මෙම සත්වයාට ආහාර ලබාගැනීම ද අපහසුවී තිබෙනවා. 

පශු වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ වෙඩි වැදීමෙන් සිදුවු තුවාල දැඩිව ආසාධනය වී ඇති බවයි. 

එබැවින් අඛණ්ඩව මෙම සත්වයාට ප්‍රතිකාර කළ යුතු බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා. 

වව්නියාව සහ අනුරාධපුර කලාප වනජීවී පශු වෛද්‍ය කාර්යාල නිලධාරීන් පිරිසකගේ මූලිකත්වයෙනුයි අලියාට ප්‍රතිකාර සිදුකරනු ලබන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top