ලෝක කුසලාන තරඟාවලිය අදාලව ඊයේ (21) පැවති තරඟයේදී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සුභ පැතුම් එක්කර තිබෙනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා කියා සිටියේ තරඟකාරී ක්‍රීඩා විලාසයක් පෙන්වමින් ශ්‍රී ලංකාවට ජය ගෙනදුන් දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තමන් උණුසුම් සුබ පැතුම් එක් කරන බවයි.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක්කර තිබෙනවා.