Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
21
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සත්කාරක එංගලන්තය පරාජය වැළඳ ගනී - Photos

- ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සත්කාරක එංගලන්තය පරාජය වැළඳ ගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,466 Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවති තරගයෙන් ලකුණු 20ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.
 
ලීඩ්ස් හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 232ක් රැස් කළා.
 
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පළමු පන්දුවාර දෙක තුළ දැවී ගියේ පිළිවෙලින් ලකුණු 2ක් සහ 1ක් ලබා ගනිමින්.
 
දිමුත්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි පළමු ලෝක කුසලානය තරඟයට ක්‍රීඩා කරන අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කළේ වේගවත් ලකුණු 49ක් රැස්කරමින්.

ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ අවධානය තමන් වෙත යොමු කරගත් මෙම පිතිකරුවාගේ පන්දු 39ක් තුල ගොඩ නැගුනු ඉනිමට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.
 
ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවියක් වන "ක්‍රික් ඉන්ෆෝ" වෙබ් අඩවියේ ප්‍රධානියෙකු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රශ්න කර තිබුණේ "අවිශ්ක ප්‍රනාන්දු මෙතෙක් කොහෙද හිටියේ ?" යනුවෙන්.
 
අවිශ්ක සමඟ අඟනා සම්බන්ධතාවක් ගොඩ නැගූ කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් රැස්කිරීමට සමත් වුණා.
 
ශ්‍රී ලංකා පිළට පන්දුවෙන් පීඩනය එල්ල කළ එංගලන්ත පන්දු යවන්නන් ඉදිරියේ ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 85ක්.
 
ධනංජය ද සිල්වා ලකුණු 29 ක් රැස් කළේ පන්දු 47කට මුහුණ දෙමින්.
 
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 50 තුල කඩුලු 9කට ලකුණු 232කට සීමා වුණා.
 
පන්දු යැවීමේදී ජෝෆරා ආචර් සහ මාර්ක් වුඩ් කඩුලු 3 බැගින් බිඳ දැමු අතර අඩිල් රෂීඩ් කඩුලු 2ක් බිඳ දැමුවා.
 
එනුව ජයග්‍රහණය සඳහා එංගලන්තයට හිමිවු ඉලක්කය ලකුණු 233ක්.
 
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 47ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 212ක් පමණයි.
 
බෙන් ස්ටොක් නොදැවී ලකුණු 82ක් රැස් කළා.
 
ජෝ රූට් ලකුණු 57යි.
 
පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග කඩුලු 4ක් බිඳහෙලුවේ සිය පන්දුවාර 10 තුල ලකුණු 43ක් ලබා දෙමින්.
 
ලසිත් මාලිංග ලෝක කුසලාන තරගවලදී ලබාගත් කඩුලු 50 ද අද තරගයේදී වාර්තා කළා.
 
ධනංජය ද සිල්වා කඩුලු 3ක් සහ ඉසුරු උදාන කඩුලු 2ක බැගින් දවාගත්තා.
 
තරගයේ වීරයා සම්මානය ද ලසිත් මාලිංගට හිමිවුනා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top