කවුරුහරි වැරදි කරනවානම් එය නිවැරදි කරන්න සූදානම්..
මේ අපිව සංවේදී කරන ප්‍රකාශයක් වුණා...
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ඊයේ පෙනී සිටි සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් අයි.එස්. ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා.
කෙසේ නමුත්, සමාජ මාධ්‍යවල සැරිසරන ඔහුගේ දේශනයක් අඩංගු වීඩියෝවකදී ඔහු සඳහන් කරන්නේ තමන් අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරකම්වලට එකඟ වන බවයි.
"අයි.එස්.අයි.එස්. කියලා සංවිධානයක් පිහිටුවලා තියනවා. එයාලගෙ ක්‍රියාකලාප කිහිපයක් මම කියන්නම්. උදාහරණයක් ලෙස එයාලා ප්‍රකාශයක් කළා අපි ඉස්ලාමීය පාලනය ප්‍රකාශ කරනවා කියලා. කවුද මේ ඉස්ලාමීය පාලනය ප්‍රකාශ කරන්නේ. එයාලා ඇවිල්ලා ඒක ප්‍රකාශ කරන්න ඕන. ඒක එයාලා මුළු ශක්තියම යොදවලා ධෛරයවත්ව කරලා තියෙනවා. දෙවන කාරණය අබුබකර් අල් බග්දාදි ඔහුගේ පළමු ජුම්මා ප්‍රකාශයේදී කියනවා කුරානයේ විදිහට පාලනය ගෙනියනවා කියලා. පාලනයේදී කවුරුහරි වැරදි කරනවානම් එය නිවැරදි කරන්න සූදානම් කියනවා. මේක ඇවිල්ලා යහපාලනය ඇතිකරන කෙනාගේ ගුණයක්. මේක ඉස්ලාමය පිළිගන්නවා. එයාලා කියපු තව එකක් ලෝක ඉතිහාසයේ නබිතුමාට පස්සේ වෙන කිසිම පාලකයෙක්ගෙන් අහලා නැති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආවට පසු මුස්ලිම් නායකයෙක්ගෙන් බලාපොරොත්තු වෙලා නැති වචනයක් අපි බලාපොරොත්තු වෙලා තිබුණා. මුස්ලිම් ජනතාවට අපේ රටේ ප්‍රජා අයිතිය දෙනවා කියලා. මේ අපිව සංවේදී කරන ප්‍රකාශයක් වුණා. සෞදි අරාබිය ලංකාවේ ජනතාවට පුරවැසිභාවය දෙන්නේ නැහැ. අරාබියේ අයට විතරයි දෙන්නේ. නමුත් මෙයාලා අරාබිය අය වුණත් මේවගේ වචනයක් කියලා තියෙනවා. ඒ ප්‍රකාශයත් එක්ක එයාලගේ ක්‍රියාකලාපය හොඳයි කියලා මේ දක්වා අපිට දැනෙනවා..."
මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ තවදුරටත් සාක්ෂි දෙමින් අබ්දුල් රාසික් සදහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස හදුනාගෙන ඇති සහරාන් හසීම් තමන් හමුවී නොමැති බවයි.
කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරයෙන් පසු ඉකුත් අප්‍රේල් 23 වන දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අබ්දුල් රාසික් සඳහන් කළේ සහරාන් හෂීම් අන්තවාදයට ඇදීයාම හේතුවෙන් සංවිධානයෙන් ඉවත් කළ බවයි.
මේ අතර අබ්දුල් රාසික් ඊයේ දින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සදහන් කළ ඇතැම් කාරණා අසත්‍ය බවට මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාන් මාරුස් පවසනවා. VIDEO