Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
21
"එතකොට මම තීරණය කළා අම්මා වෙනුවෙන් මගේ අතින් කරඬුවක් නිර්මාණය කරන්න..." - කරඬු නිර්මාණය කරන සුරූපී ගුවන් සේවිකාව - Photos

- "එතකොට මම තීරණය කළා අම්මා වෙනුවෙන් මගේ අතින් කරඬුවක් නිර්මාණය කරන්න..." - කරඬු නිර්මාණය කරන සුරූපී ගුවන් සේවිකාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

74 Views
"මම උපතින් කතෝලික ආගම අදහනවා. මගේ මව බෞද්ධ.."

"කරඩුවක් නිර්මාණය කරන්න 45000ක් ඔවුන් අය කරනවා කිව්වා.."

ගැහැනියකට වගකීම් රැසක් එකවර දැරිය හැකි බව මෙලොවට ඔප්පුකර පෙන්වූ කාන්තාවන් අතීතයේත්, වර්තමානයෙත් ඕනෑ තරම් සොයාගත හැකිය. තමන්ගේ හැකියාවන් අතරින් තමාට වඩාත් ඔබින දෙය තෝරා ගැනීමටද ගැහැනියට මනා අවබෝධයක් තිබීම ඇයගේ සාර්ථකත්වයට හේතුවන සාධකයකි.

තරුණියන් නිරූපන ශිල්පිනියන් වීමට හීන මවද්දී තමන්ගේ හැකියාවන් අතරින් මුල්තැන දිය යුතු වන්නේ කුමක් දැයි හඳුනාගෙන නිරූපණ ක්ෂේත්‍රයට සමුදුන් තරුණියක් අප ගැහැනිය පිටුවට එක්කර ගත්තේ ඇයගෙන් තරුණියන්ට ගත හැකි පණිවිඩ බොහෝමයක් ඇති නිසාවෙනි.

ගුවන් සේවිකාවක ලෙස කාර්යය බහුල ජීවිතයක් ගත කරද්දී තම කලාත්මක හැකියාවන් තුළින් දස්කම් දක්වන ඇය නොරීන් ඉෂාරි නම් වේ.

මම පන්සල්වලට කරඬු නිර්මාණ කරන්න යොමු වුණේ මීට අවුරුදු පහකට පමණ පෙරයි. මම උපතින් කතෝලික ආගම අදහනවා. මගේ මව බෞද්ධ කාන්තාවක්. ඇයට වරක් අවශ්‍ය වුණා පන්සලට කරඬුවක් පූජා කරන්නට. කරඬු නිර්මාණ කරන ප්‍රසිද්ධ නිර්මාණශිල්පියෙකු වෙත ඒ කටයුතු භාර දෙන්න අම්මා තීරණය කළා. නමුත් කරඬුවක් නිර්මාණය කරන්න 45000ක් වැනි ලොකු මුදලක් ඔවුන් අය කරනවා. ඒ අවස්ථාවේ මම තීරණය කළා අම්මා වෙනුවෙන් මගේ අතින් කරඬුවක් නිර්මාණය කරන්න. මගේ කලාත්මක හැකියාවෙන් දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා.

මම කරපු නිර්මාණය දැකලා අදුරන අයත් මගෙන් ඉල්ලීමක් කළා ඔවුන් වෙනුවෙනුත් කරඬු නිර්මාණය කර දෙන ලෙසට. මම කරඬුවක් නිර්මාණය කරන්න අවශ්‍යය පබලු වර්ග, ගල් වර්ග, සී ක්වීන්ස් වර්ග පැකට් වශයෙන් තමයි කොළඹින් මිලදී ගන්නේ. ඒ වගේම මගේ රැකියාවත් එක්ක විටෙන් විට කොළඹ ඇවිත් අඩුපාඩු මිලදී ගන්න වෙලාවක් නැති නිසා එකවර පැකට් විදිහට මිලදී ගන්න එක වඩාත් පහසුයි. ඉතින් මට මේවට යන වියදමත් එක්ක මගේ කාලය හා මහන්සිය වෙනුවෙන් සාධාරණ අය කිරීමක් මම කරඬුවක් නිර්මාණය කරන්න අය කරනවා.

 
මම ගුවන් සේවිකාවක ලෙස වඩාත් කාර්යය බහුලයි. නමුත් මට යමක් කරන්න හිතුනොත් මම ඒ වෙනුවෙන් කොහොම හරි වෙලාව වෙන් කරගන්නවා. කරඬු නිර්මාණයට අමතරව මම ජීවමාන සිතුවම් අඳිනවා. මේ කටයුතුවලට වෙලාව වෙන් කරගන්න බැරි තරම් කාර්යය බහුල වුණොත් මම වැඩ බාරගන්නේ නැහැ. ඒ කියන්නේ මම මගේ රැකියාවට හානියක් නොවෙන විදිහට මේ කටයුතු සදහා වෙලාව වෙන්කරගන්න මම හැම වෙලාවෙම උත්සහ කරනවා. 

මම පාසල් ගියේ මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමයට. මම පාසල් යන කාලයේ සිට චිත්‍ර ඇඳීමට දස්කම් දැක්වූවා. මගේ අයියටයි, නංගිටයිත් පෝට්ට්‍රේට් ඇඳීමේ හැකියාවක් තිබෙනවා. පාසල් යන කාලයේ චිත්‍ර තරගවලින් ජයග්‍රහණ රාශ්‍රියක් ලබාගෙන තිබෙනවා. මම පාසලේ පන්තියේ මේසයට පුටුවට හිරවෙලා හිටපු චරිතයක් නොවෙයි. පාසලේ සියලුම අමතර වැඩවලට ක්‍රීඩා කටයුතුවලට මම සහභාගි වෙනවා. පාසලේ උප ක්‍රීඩා නායිකාව ලෙසටත් මම කටයුතු කළා. මම දැන් පෝට්ට්‍රේට් අඳින්නේ අයකිරීම් කරලයි. මම පොඩි කාලේ ඉඳන්ම මගේ කටයුතු තනිව කරගත්ත කෙනෙක්. ඒ නිසා මම කරන්නේ මට කැමැති දේවල්. මගේ ගෙදරින් මට කැමැති දේවල් කරන්න නිදහස දීලා තිබෙනවා. මගේ ගෙදරින් මට කියන්නේ තමන් කවුද කියලා දන්නවා නම් තමන් හරියට ඉන්නවා නම් ඕනෑම හොඳ දෙයක් කරන්න බය වෙන්න එපා කියලයි. ඒ නිසා කවදාවත් මම කරන දේවල් වලට අම්මවත් තාත්තවත් මට කිසිම තහංචියක් යොදලා නැහැ.

මීට අවුරුදු කිහිපයකට පෙර මම මෝස්තර නිරූපන ශිල්පිණියක ලෙස කටයුතු කළා. පෞද්ගලික හේතූන් මත මම නිරූපණ ක්ෂේත්‍රය ටික කාලෙකට නතර කරලා හිටියා. මම මේ කටයුතු සියල්ල කරන්නේ මගේ සිරුරේ ලස්සන පවත්වා ගන්නට ව්‍යායාම් කරන්නත් වෙලාව වෙන් කරගෙන. ඒ නිසා මගේ සිරුරේ හැඩය අදටත් එකවිදිහට තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසාම දැනටත් මට නිරූපණ කටයුතු සඳහා ආරාධනා ලැබෙනවා. ඒත් මම කරඬු නිර්මාණය කරන්න යොමුවෙලා ඉන්න නිසා මම නැවත නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ නැහැ කියන ස්ථාවරයේයි ඉන්නේ. මොකද අද වෙද්දී නිරූපණ ක්ෂේත්‍රයට පිවිසිලා ඉන්නේ ඒ පිළිබඳව හැදෑරීමක් හෝ අධ්‍යාපනයක් නොමැති අය නිසා ක්ෂේත්‍රයට හොඳ නාමයක් වෙනුවට නරක නාමයක් තමයි ඇතිවෙමින් පවතින්නේ. ඉතින් කරඬුවක් නිර්මාණය  කරනවා කියන්නේ පූජනීය දෙයකට සම්බන්ධ වීමක් නිසා නිරූපණ ක්ෂේත්‍රයට සමුදෙන්නට මම තීරණයක් ගත්තා. නිරූපිකාවක් ලෙස කටයුතු කරද්දීත් මම තෝරා බේරාගත් දේවල් තමයි කළේ. විශේෂයෙන් රමණි ප්‍රනාන්දු, අරන්ත සිරිමාන්නගේ වැනි අයගේ නිරූපණ කටයුතු තමයි මම සිදුකළේ. නැවත මම නිරූපණයට එන්න කිසිම අදහසක් නැහැ.


හොඳ නිර්මාණයක් කරන්න නම් හොඳ දැනීමක් අවශ්‍යයි
මම මෝස්තර නිර්මාණකරණය පිළිබඳ හදාරපු කෙනෙක්. ඉතින් මගේ අදහස තිබෙන්නේ කවදාහරි මෝස්තර නිර්මාණකරණයෙන් යමක් කරන්නයි. මට කරඬුවක් නිර්මාණය කරන්න පැය දෙක තුනක් ගතවෙනවා. අඩි දෙකක තුනක වගේ ලොකු කරඬුවක් නිර්මාණය කරන්න මගේ රැකිවත් එක්ක දවස් දෙකක් තුනක් වගේ කාලයක් ගත වෙනවා. ඒ වගේම පෝට්ට්‍රේට් එකක් කරන්න දවස් තුනක් වගේ ඕන. මට පැය 09ක් වගේ කාලයක් තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් මම එක දිගට අඳින චිත්‍රෙය් අඩුපාඩු දකින්නේ මීළඟ දවසේ වෙන්න පුළුවන්. ඒ නිසා මම කල් අරගෙන අඩුපාඩු හදලා වඩාත් ලස්සන නිර්මාණයක් කරන්නයි හැම වෙලාවෙම උත්සහ කරන්නේ. එවිට මම අයකරන මුදලට සාධාරණයක් මට කරන්න පුළුවන් වගේම සාර්ථක නිර්මාණයක් කරලා සතුටක් ලබන්න පුළුවන්. වර්ණ යොදා චිත්‍ර අඳින්න හැකියාවක් තිබුණත් මම දැනට පැන්සල මාධ්‍යයෙන් පමණයි පෝට්ට්‍රේට් කරන්නේ. මගේ රැකියාවත් එක්ක වෙනමම ප්‍රචාරණයක් කරගෙන මේ කටයුතු කරන්න අපහසුයි.

විශේෂයෙන් මම ගුවන් සේවිකාවක ලෙස කටයුතු කරන නිසා දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්න අපහසුයි. මගේ මේ හැකියාවන් මට උපතින් ලැබුණු හැකියාවන්. එයට මගේ දෙමව්පියන්ගේ ආභාෂයත් ලැබෙන්න ඇති. නමුත් මම හැම මොහොතේම මගේ හැකියාව වැඩි දියුණු කරගන්න උත්සහ කරනවා. මම කරන දේවල් ගැන අලුත් තොරතුරු මම නිතර සොයනවා. හොඳ නිර්මාණයක් කරන්න නම් හොඳ දැනීමක් අවශ්‍යයි. කාන්තාවක් කියන්නේ හැකියාවන් ගොඩාක් තියෙන කෙනෙක්. නමුත් අපේ කාන්තාවන්ට මේ හැකියාවන් හඳුනා ගන්න බැරි වෙලා තිබෙනවා. කාන්තාවක් තමන්ගේ හැකියාව කුමක්ද කියලා හඳුනා ගෙන ඒ ගැන වැඩි දුර අධ්‍යාපනය ලැබුවොත් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඉදිරියේදී මගේ නිර්මාණ කටයුතු වගේම මෝස්තර නිර්මාණය පිළිබඳ මම ලබා තිබෙන අධ්‍යාපනයත් එක්ක වෙනස්ම දෙයක් කරන්න මගේ අදහසක් තිබෙනවා. මොකද මගේ අනන්‍යතාව වෙලා තියෙන්නේ හැමෝම කරන දෙයට එපිටින් යමක් කරන එකයි.

නදීශානි පතිරණ




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top