Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
21
ලොවක් කම්පා කළ පාස්කු ඉරිදා ඛේදවාචකයට දෙමසක් ගතවෙද්දි කටුවපිටිය ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් කාන්තාවකට සිදු වූ දේ - Video & Photos

- ලොවක් කම්පා කළ පාස්කු ඉරිදා ඛේදවාචකයට දෙමසක් ගතවෙද්දි කටුවපිටිය ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් කාන්තාවකට සිදු වූ දේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,936 Views
ජීවිත සිය ගණනක් බිලිගත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට මාස දෙකක් ගත වනවා.
 
ප්‍රහාරයෙන් තුවාල ලැබූ බොහෝ දෙනෙක් මේ වනවිටත් රෝහල්ගතවයි පසුවන්නේ.
 
මියගිය පිරිස් සිහි කරමින් සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් අදත් ඔවුන්ගේ ඥාතීන් දේවස්ථාන වෙත පැමිණ යාඥා මෙහෙයන්වල නිරත වුණා.

එමෙන්ම, බෝම්බ ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැදුර මේ වනවිටත් ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා.
 
එම දේවස්ථානයේ සිදුවූ ප්‍රහාරයෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 73 හැවිරිදි මවක් ඊයේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
 
ප්‍රහාරයෙන් ඇයගේ පුතු සහ ලේලිය මියගොස් තිබූ අතර, මෙම කාන්තාව මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
 
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද දහවල් දේව මෙහෙයක් පැවැත්වෙන අතර, එහිදී මියගිය අය සිහිකරමින් සහ තුවාල ලැබූවන්ට ආශීර්වාද සිදු කෙරෙනු ඇති.
 
මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස් ඉටි පහන් දල්වා සිහිකිරීමේ වැඩසටහනක් අද පස්වරුවේ විහාර මහා දේවී එලිමහන් රංග පීඨයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top