Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
20
කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කඳුළු විලක සිටිමින් සිනාසිමට උත්සහ දරනා පුංචි මල් කැකුළක කතාව - Video

- කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කඳුළු විලක සිටිමින් සිනාසිමට උත්සහ දරනා පුංචි මල් කැකුළක කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,087 Views
පාස්කු ඉරුදින කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී හෙට දිනට දෙමසක් සපිරෙනවා.

ත්‍රස්ත ප්‍රහාරයේ අඳුරු මතකයන් දිනෙන් දින වියැකී යද්දී, එම අතීතය සිහිපත් කරමින් කදුළු සලනා හදවත් සිය ගණනක් අදටත් අප අතර සිටිනවා.

 මේ එවැනි කඳුළු විලක සිටිමින් සිනාසිමට උත්සහ දරනා පුංචි මල් කැකුළක කතාවයි.

වෙනදා පාසල ආරම්භ වන විට තම මැණියන්ගේ අතේ එල්ලී පාසලට එන පුංචි ෂැනොන්, අද නැවතත් පාසලට පැමිණියේ මාස 2 ක විරාමයකින් පසුවයි.

තමාගේ මෑණියන්ගේ සුරත වෙනුවට ෂැනොන්ගේ අත දැවටී තිබුණේ ආදරණිය ගුරු මෑණියන්ගේ සුරතයි.

ඒ සිත්පිත් නැති කුරිරු පාස්කු ප්‍රහාරය පුංචි ෂැනොන්ගෙන් මව් සෙනෙහස උදුරා ගැනීමට තරම් කුරිරු වු නිසාවෙන්.

බෝම්බ ප්‍රහාරයේ අදුරු සෙවනැලි අතර සිරවි සිටි ෂැනොන්ගේ ලෝකයට ආලෝකයක් වෙන්න පන්තියේ යාළුවෝ ඒ වන විටත් සුදානම් වෙලා සිටියා.

යළි පැමිණි තම ආදරණිය මිතුරාව පන්තියේ යහළු යෙහෙළියන් සතුටු සිතින් පිළිගත්තේ මෙලෙසයි.

නැවත කිසිදින නොලැබෙන බොහෝ දේ ෂැනොන්ගෙන් කුරිරු ත්‍රස්තවාදින් විසින් උදුරාගෙන තිබුනද, අතිතය අතිතයටම භාර කළ ශැනෝන් නැවතත් පොතපතට අවධානය යොමු කළා.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරට එල්ල වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් ෂැනොන්ගේ මව ජීවිතක්ෂයට පත්වූ අතර, බරපතළ තුවාල ලැබූ පියා තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top