Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
20
අතුරලියේ රතන හිමියන් මඩකලපුවේ සහ කල්මුණේ ගිය ගමන - Video

- අතුරලියේ රතන හිමියන් මඩකලපුවේ සහ කල්මුණේ ගිය ගමන - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,245 Views
කල්මුණේ දකුණ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රධාන කාර්යාලයක් බවට පත්කරන ලෙස ඉල්ලා අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික් ජනතාව අද හර්තාල් ව්‍යාපාරයක නිරත වුණා.

අදාළ ඉල්ලීම මුල්කරගනිමින් මඩකලපුවේ සහ කල්මුණේ පැවැත්වෙන උපවාස අද සිව්වන දිනටත් ක්‍රියාතමක අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද අද එම උපවාස පැවැත්වෙන ස්ථානයට වැඩම කළා.
 

මේ වන විට කල්මුණේ උතුර සහ දකුණ ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක් ක්‍රියාත්මක අතර උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසර 19ක් පුරා ක්‍රියාත්මකයි.

නමුත් වසර 31ක් තිස්සේ ක්‍රියාත්මක වන කල්මුණේ දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තවමත් උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙසින් පවත්වාගෙන යන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

එය ප්‍රධාන කාර්යාලයක් බවට පත්කරන ලෙස ඉල්ලීම් කළද ඒ සඳහා ප්‍රදේශයේ මුස්ලිම් දේශපාලනඥයින් විරුද්ධ වීම හේතුවෙන් ඊට නිසි විසඳුමක් නොලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික් ජනතාව අද සියලු වෙළඳසැල් වසා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාතමක කළේ, එම උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලයක් බවට පත්කරන ලෙස ඉල්ලමින්.

මේ අතර අදාළ ඉල්ලීම මුල්කර ගනිමින් දෙමළ දේශපාලනඥයින් පිරිසක් මඩකළපුව ගාන්ධි උද්‍යානයේ ආරම්භ කර ඇති උපවාසය අද සිව් වැනි දිනටත් ක්‍රියාත්මකයි.

පාර්ලිමේන්තු මන්තී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද එම ස්ථානයට වැඩම කළා.

ඉන් අනතුරුව උන්වහන්සේ වැඩම කළේ, කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් දින 4ක් තිස්සේ ක්‍රියාත්මක කරන උපවාසය පැවැත්වෙන් ස්ථානයටයි.

මේ අතර, අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top