පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව සුදුසු අයුරින් අපරාධමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිර්දේශ කර තිබෙනවා.
එම මණ්ඩලයේ අවසන් වාර්තාව පිළිබඳව අවධානය යොමු කරමින් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ඒ බව ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
පාස්කු ඉරිදා ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් සම්බන්ධ සොයා බැලීමට පත් කළ පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධව තම අවධානය යොමුව ඇති බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අදාළ පරීක්ෂණ මණ්ඩලය නිර්දේශ කර ඇත්තේ පහත නම් සඳහන් අය ඇතුළු අදාළ බලධාරීන්ට එරෙහිව සුදුසු අපරාධ සහ විනය ක්‍රියාමාර්ග ගැනීමටයි.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති කොළඹ, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර උතුර, නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිශාව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මීගමුව, පොලිස් අධිකාරි කොළඹ උතුර, සහකාර පොලිස් අධිකාරි මීගමුව 3, සහකාර පොලිස් අධිකාරි මීගමුව 4, ස්ථානාධිපති කටාන පොලිසිය, ස්ථානාධිපති ජම්පටාවීථියේ පොලිස් මුරපොළ යන නිලධාරීන් නම් කොට තිබෙනවා.
මේ අතර ඉරාකයේ සහ සිරියාවේ බලය ක්‍රමයෙන් ගිලිහීයාමත් සමඟ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපයට යොමු වී ඇති බැවින් ශ්‍රී ලංකානට සහ ඉන්දියාව ඉදිරියේදීත් IS ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්විය හැකි බව ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවනවා.
NDTV පුවත් සේවය වාර්තා කළේ ඉන්දීය බුද්ධි අංශ ලිපි 3 ක් මගින් එරට පොලිස් ප්‍රධානීන් මේ සම්බන්ධව දැනුවත් කර ඇති බවයි.
ඉන්දියාවේ කොචිහි වෙළඳ සංකීර්ණයක් ඇතුළු ස්ථාන කිහිපයක ජිහාඩ් පන්නයේ ප්‍රහාර දියත් කිරීමට අයි.එස්.ත්‍රස්තවාදීන්ගේ සැලසුමක් ඇති බවටද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි NDTV පුවත් සේවයේ සඳහන්.
මේ අතර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් පසුගිය වසර කිහිපය තුළ අයි. එස්. ත්‍රස්තවාදීන් හා එක්ව ඇති බවට ඉන්දීය පොලිස් ප්‍රධානියෙකු උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කළා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්තප්‍රහාරවලින් පසු අන්තවාදී අදහස් දරණ බවට හඳුනාගත් කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් 30 දෙනෙකු පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ දැඩි අවධානයකින් පසුවන බවත් NDTV පුවත් සේවය වාර්තා කරනවා.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අයි.එස්. ත්‍රස්තවාදීන් ඉන්දියාවට ඇතුලුවීම වැළැක්වීම සඳහා කේරල ප්‍රාන්ත මුහුදු කලාපයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
මේ අතර සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක අයි. එස්. ත්‍රස්තවාදීන් පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සංවිධානය කර ඇති බවට රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යූරි කොකෝව් පවසනවා.
රුසියානු ආරක්ෂක මණ්ඩලයේ 10 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් ඔහු අවධාරණය කළේ ගෝලීය ජිහාඩ් මතවාද දරණ පිරිස් එම ප්‍රහාරය සිදුකළ බවට තහවුරු වන බවයි.
සිරියාවේදී සහ ඉරාකයේදී අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ වී අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ අන්තවාදී අදහස් දරන දේශීය රැඩිකල් කණ්ඩායමක සාමාජිකයන් මෙම පිපිරවීම් සිදුකර ඇති බවට රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙනවා.
VIDEO