Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
20
බිරිඳ අනියම් සැමියෙකු සමඟ ගිය පසු කාන්තාවන් කිහිදෙනෙකුම ඇසුරු කළ ඉන්දික, ඉතාලියේ සිට සමාජ සේවයට ආ ප්‍රභාවතීට කළ අපරාධය

- බිරිඳ අනියම් සැමියෙකු සමඟ ගිය පසු කාන්තාවන් කිහිදෙනෙකුම ඇසුරු කළ ඉන්දික, ඉතාලියේ සිට සමාජ සේවයට ආ ප්‍රභාවතීට කළ අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,296 Views
මැරිලා ඉන්න කෙනා නම් අපේ අම්මාගේ උසමයි...
 
අනෙක් දේවල්වලින් නම් මේ අපේ අම්මාමද කියලා අඳුනගන්න බෑ..
 
ඒ 2019 වසරේ මාර්තු මසයේ දෙවනි දිනයි. හලාවත මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ උප පරීක්ෂක ගාමිණි වික්‍රමසිංහ මහතාගේ දුරකථනයට ලැබුණු ඇමතුමකින් කියවුණේ හලාවත පොලිස් වසමේ පරපන්මුල්ල වැවේ මංකඩක් අසළ පිළිස්සුණු කාන්තා සිරුරක් ඇති බවයි.
 
වහාම ක්‍රියාත්මක වූ උප පරීක්ෂක වික්‍රමසිංහ වැව අසළට ගියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරි කණ්ඩායමක් ද සමඟිනුයි.
 
පිළිස්සුණු සිරුර කාන්තාවකගේ බවට එහි ඇති සලකුණුවලින් තහවුරුකරගැනීමට පොලීසියට හැකියාව ලැබුණා. මුහුණ හඳුනා නොගත හැකි පරිදි පිළිස්සි තිබුණා. ඒ අනුව මෙය වයස අවුරුදු 25ක පමණ කාන්තාවකගේ වන්නට ඇතැයි පොලීසිය අනුමාන කළා.

මේ කාන්තාව ඇඳ සිටි සුදු පැහැ කලිසමද යට ඇඳුම්ද පිළිස්සී තිබූ අතර රෝස පැහැ බ්ලවසය ද දෙවුර දක්වාම පිළිස්සී තිබුණා.
 
මේ කාන්තාව අඩි හතරයි අඟල් අටක් පමණ උස අයෙකු යැයි පොලීසිය මුලින් සැක කළා. ඇගේ අදඅත් පිළිස්සිම නිසා වකුටු වී තිබූ බවද පොලීසියට නිරීක්ෂණය වුණා.
 
පොලිසිය මේ පිළිස්සුණු සිරුර තිබූ ස්ථානය අවට පරීක්ෂා කරද්දි කුරුසයක් සහිත කොන්තයක්ද සොයා ගැනීමට හැකිවුණා. ඒ අතරතුරේදී දිය නෑම සහ පිළිස්සුණු සිරුර නැරඹිමට පරපන්මුල්ල වැව අසළට පැමිණි ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙකුගෙන්ද ප්‍රශ්න කළ පොලීසිය කට උත්තර ලබා ගත්තා.
 
ප්‍රදේශවාසීන් කරන ලද එම ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු වලට අනුව පොලීසිය අනුමාන කළේ මේ ඝාතනය පෙර දින රාත්‍රීයේ සිදුවන්නට ඇති බවයි.
 
පිළිස්සුණු සිරුර තිබූ ස්ථානයට පැමිණි හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් දීපිකා නවරත්න මහත්මිය සිදුකළ මූලික පරීක්ෂණවලින් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළා. එහිදි මෙම කාන්තාව ගෙල සිරකිරීමෙන් මරණයට පත් කර ඇති බව අනාවරණය වුණා. වයස අවුරුදු 25ක් යැයි මුලින් අනුමාන කළත් ඇගේ නියම වයස අවුරුදු 50ක් හෝ ඊට වැඩි බවට පසුව හෙළි වුණා.
 
ඇගේ උඩු ඇන්දේ හා යටිඇන්දේ දත් දෙක බැගින් නොතිබුණු බවද අනාවරණය වුණා.
 
මේ කාන්තාව කවුද? ඇගේ ගෙල මිරිකා ඝාතනය කළේ ඇයි? මේ හලාවත අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ඊළඟට මුහුණ දුන් අභියෝගයයි.
 
පොලීසිය මේ ගැන පුළුල් පරීක්ෂණයක නිරත වෙද්දි ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් හා ඇගේ සොයුරා හලාවත මූලස්ථාන පොලීසියට පැමිණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඩබ්ලිව්. පී. හේරත් මහතා හමුවුණා.
 
මේ අක්කාට හා මල්ලිට සිංහල භාෂාව කතා කිරීමට නොහැකි නිසා භාෂා පරිවර්තකයෙකු ඉතාලි භාෂාව සිංහලයට නැගුවේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඉදිරිපිටයි. මුලින්ම කතාව ආරම්භ කළේ කාන්තාවයි. ඇය පොලීසියට පැවසුවේ 'බලාපොරොත්තු නොවුණු' කතාවක්.
 
"සර් අපි දෙන්නා අක්කයි මල්ලි. මගේ වයස අවුරුදු තිස් හතරයි. මම කසාඳ බැඳලා ඉන්නේ ඉතාලි ජාතිකයෙක්. පදිංචියත් එහෙමයි. මේ මගේ මල්ලි අවුරුදු විසි අටයි. එයා තවම කසාඳ බැඳලා නෑ. අපි දෙන්නම ජිවත් වෙන්නේ ඉතාලියේ.."
 
"අපේ ප්‍රශ්නය මේකයි. මගේ අම්මා විජේරත්න ප්‍රභාවති. එයා පදිංචි වෙලා ඉන්නෙත් ඉතාලියේ එයාගේ වයස අවුරුදු හැට හතරයි. දරුවන්ට කියලා එයාට ඉන්නෙ අපි දෙන්නා විතරයි..."
 
"අපේ අම්මා ඉතාලියේ ඉඳලා පසුගිය පෙබරවාරි 26 වැනිදා ලංකාවට ආවා. පස්සෙ එයා ගැන කිසිම තොරතුරක් නැහැ. මමයි මල්ලියි අම්මා සොයාගෙන ලංකාවට ආවේ ඊට පස්සෙ..."
 
"අම්මගේ නමට ගම්පහ කොටදෙණියාවේ ඉඩමක් තියනවා. අපි එහෙත් ගියා. ඒත් අපේ අම්මා එහේ හිටියෙත් නෑ. අම්මාගේ ඒ ඉඩම බලාගත්තේ හලාවත පැත්තෙම පදිංචි කෙනෙක්. අපි හලාවතට ආවේ එයාවත් හොයාගන්නයි. ඒත් අපිට එයාවත් හොයාගන්න බැරිවුණා. අපි පොලීසියට ආවේ අපේ අම්මා අපට සොයලා දෙන්න කියලා පොලීසියෙන් ඉල්ලීමක් කරන්න.."
 
කාන්තාවකගේ ඒ කතාවට සවන් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇයට කීවේ හලාවත රෝහලේ පිළිස්සුණු කාන්තා සිරුරක් ඇති නිසා හැකිනම් එම සිරුර හඳුනා ගන්නා ලෙසයි.
 
පිළිස්සුණු සිරුර පරීක්ෂා කළ අක්කා හා මල්ලි ඉන්පසුව හලාවත මූලස්ථාන පරීක්ෂක හේරත් මහතා හමුවුණා.
 
"සර් බොඩි එක දිහා අපි හොඳට බැලුවා. මැරිලා ඉන්න කෙනා නම් අපේ අම්මාගේ උසමයි. ඒත් අනෙක් දේවල්වලින් නම් මේ අපේ අම්මා මද කියලා අඳුනගන්න බෑ.."
 
මළසිරුර හඳුනාගත හැකි එකම මාර්ගය ඩී.එන්.ඒ. පරීක්ෂණයක් පැවැත්වීමට බවට පොලීසිය තීරණය කළා.
 
ඉන් අනතුරුව ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා අක්කා හා මල්ලිගේ රුධිර සාම්පල ලබා ගත්තා.
 
දින කිහිපයකින් ඒ වාර්තාව නිකුත් කළ අතර එහි සඳහන් වූයේ ඝාතනය කරන ලද කාන්තාවගේ හා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශ්‍රී ලාංකික කත හා ඇගේ සොයුරාගේ ඩී.එන්.ඒ. රටා සමාන බවයි.
 
ඒ අනුව පොලීසිය විසින් ඝාතනය කර පුලුස්සා දැමූ කාන්තාව පානදුරේ මුල් පදිංචිකාරියක වන 'විජේරත්න ප්‍රභාවතී' මහත්මිය බවට තහවුරු වුණා. ඇය මීට වසර කිහිපයකට පෙර ඉතාලියට ගොස් ඇත්තේ එහි රැකියාවක් කිරීම සඳහායි.
 
එහිදී හඳුනාගත් ඉතාලි ජාතිකයෙකු සමඟ විවාහ වූ ප්‍රභාවතී මහත්මිය කලක් ගතවෙද්දි දියණියකගේ හා පුතෙකුගේ මවක් වුණා.
 
කිසියම් හේතුවක් නිසා ඉතාලි ජාතික සැමියාගෙන් වෙන් වූ ඇය සිය දියණිය විවාහ කර දීමෙන් අනතුරුව පුතු සමඟ ජිවත්ව තිබෙනවා. මේ අතරතුර ඇය විටින් විට මෙරටට පැමිණ තිබෙනවා.
 
මේ අතර ඇය ගම්පහ දිසාවේ කොටදෙණියාවෙන් ඉඩමක් මිලදී ගෙන ඇති අතර එය බලා කියාගන්නට හලාවත ප්‍රදේශයේ ත්‍රීරෝද රියදුරෙක් යොදවා තිබෙනවා.
 
ඇගේ ඝාතකයා සෙවීම සඳහා පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගත් තොරතුරු වලට අනුව ප්‍රභාවතීගේ ඝාතනයත් සමඟම හදිසියේ සැකකටයුතු අන්දමින් ආගිය අතක් නැතිව ගිය හලාවත මුගුණුවටවන පරපන්මුල්ලේ පදිංචිකරුවෙක් ගැන තොරතුරක් පොලීසියට ලැබුණා. ඔහු නමින් 'ඉන්දික පුෂ්පකුමාර' වන අතර ත්‍රීරෝද රථ රියදුරෙක්.
 
ගමේ පොදු වැඩවලදී නිතර ඉදිරිපත් වන පුද්ගලයෙකු වූ ඉන්දික ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇත්තේ ප්‍රභාවතීගේ සිරුර සොයාගත් දිනවලදී බවත් එම ඝාතනය සිදුවූ දින රාත්‍රී 11ට පමණ ඉන්දික එම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල අසළින් ඔහුට අයත් ත්‍රීරෝද රථයෙන් ගමන් කර ඇති බවටද තොරතුරු පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.
 
එහෙත් පොලීසියට සැලකිය යුතු කාලයක් යනතුරු ඉන්දික ගැන තොරතුරු හෙළි කරගැනීමට නොහැකි වුණා.
 
එහෙත් පසුබට නොවූ විමර්ශන නිලධාරින් මහත් පරිශ්‍රමයක් දරා ඉන්දික ඉන්දික පුෂ්පකුමාර භාවිතා කළ ජංගම දුරකථනයේ අංකය සොයා ගනු ලැබුවා. එය පරීක්ෂා කිරීමේදි වැදගත් තොරතුරු රැසක් අනාවරණය වූ අතර ඉතාමත් වැදගත්ම කාරණය වූයේ ඔහු කාන්තාවන් කීප දෙනෙක්ම සමීපව ඇසුරු කර ඇති බවයි.
 
ඉන්දික නිරන්තරයෙන් ඇමතුම් ගත් එක් දුරකථන අංකයක් සමඟ පරීක්ෂණ පැවැත්වූ නිලධාරින් ඉන්දිකගේ මිතුරෙක් කියන ජනිත් නම් අයෙකුගේ තොරතුරු සොයාගත් අතර ජනිත් සෞදි අරාබියේ සේවයේ නරත අයෙකු බවත් ඉන්දික ඔහුගේ බිරිය සමඟද සම්බන්ධයක් පවත්වාගෙන යමින් ඇය සමඟ මේ වන විට එකට දිවි ගෙවන බවටද තොරතුරු අනාවරණය කරගත්තා.
 
මේ තොරතුරු වලට අනුව සැකකාර ඉන්දික නියත වශයෙන්ම මිනුවන්ගොඩ සිටින බවට තහවුරු කරගත් නිලධාරින් වෙස්වලාගෙන සිදුකළ විමර්ශනවලදි හෙළි වූයේ ඉන්දික පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස සේවය කරන බවයි.
 
එසේ අත්අඩංගුවට පත් වූ ඉන්දික මිනුවන්ගොඩ සිට හලාවත පොලීසියට ගෙන ඇවිත් ප්‍රශ්න කිරීම් සිදුකළා.
 
'ඥානප්‍රකාශම් ඉන්දික පුෂ්පකුමාර' දරු තිදෙනෙකුගේ සමන්විත පවුලේ බාලයායි. පියා කිසියම් හේතුවක් නිසා මවගෙන් වෙන්වූ පසු මව කුඩා ඉන්දික ළමා නිවාසයකට ඇතුළු කර විදෙස්ගත වී තිබෙනවා.
 
කාලයක් ළමා නිවාසයේ දැඩි වූ ඉන්දික අපොස සාපෙළ දක්වා අධ්‍යාපනය ලබා ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වනවා. එම ආයතනයේ රැකියාව කරද්දි දැන හඳුනාගත් තරුණියක් සමඟ ඔහු විවාහ වන අතර මේ දෙපළ අතරට දියණිය එක් වන්නේ විවාහ වී වසරක් ගත වූ පසුවයි.
 
අඟහිඟකම් නිසා ඉන්දික විදෙස්ගතවීමට තීරණය කරන අතර ඒ සෞදි අරාබියටයි. සෞදියේ රැකියාවට පෙර තම බිරිය හා දියණිය මවගේ නිවසේ නතර කිරීමට ඔහු පියවර ගත්තා.
 
සෞදියේදි ඉන්දික සමඟ මිතුරු වූ ජනිත් ගම්පහ ප්‍රදේශයේ බැවින් ඔවුන් අතර ඇතිවූයේ දැඩි මිත්‍රතත්වයක්.
 
සෞදියේ සේවය කරද්දි ලැබුණු තොරතුරු කිහිපයක් නිසා ඉන්දික දැඩි ලෙස කම්පාවට පත් වුණා. ඉන් කියැවුණේ ඉන්දිකගේ බිරිය අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවයි. ඉන් කම්පාවට පත් ඉන්දික නැවත මෙරටට පැමිණිමට තීරණය කරනවා.
 
තම දියණියට දැඩි ලෙස ආදරය කළ ඉන්දික ඇගේ අධ්‍යාපන කටයුතු ගැනද සොයා බැලුවා. නමුත් බිරියගේ අනියම් සම්බන්ධය නිසා දියණියද සමඟ අවස්ථා දෙකකදී ජිවිතයෙන් සමු ගැනීමට තීරණය කර තිබූ අතර පසුව ඔහු විසින්ම ඒ තීරණය වෙනස් කළේ දියණියට තිබූ දැඩි ආදරය නිසයි.
 
මේ අතර ඉතාලියේ ජිවත් වූ විජේරත්න ප්‍රභාවතී දීර්ඝ කාලයකට පසුව මෙරටට පැමිණි පළමු අවස්ථාවේ ගම්පහ දිසාවේ කොටදෙණියාව ප්‍රදේශයෙන් අක්කර තුනක පමණ ඉඩමක් මිලදී ගනු ලබනවා. ඒ ඉඩමේ කාමර කිහිපයකින් සමන්විත නිවසක් ද පිහිටා තිබුණා.
 
මේ අතර ඉන්දිකගේ ආච්චිගේ අභාවය සිදු වූ අතර ඇගේ අවමංගල්‍යයට ඉතාලියේ වෙසෙන ඥාති නැන්දණියක්ද සහභාගී වුණා. ඇය එම කාලයේම ලංකාවට පැමිණ සිටි ප්‍රභාවතීට ද ඇමතුමක් දී ගෙන්වා ගත් අතර මළ ගෙදරදී නැන්දණිය, ඉන්දික හා ප්‍රභාවතීව එකිනෙකාට හඳුන්වා දුන්නා.
 
මේ වන විට ප්‍රභාවතීට වයස අවුරුදු පනස් නවයක් වූ අතර ඉන්දිකගේ වයස අවුරුදු තිස් පහක්.
 
මළගෙදර අවසානයේ ඉන්දික හා ප්‍රභාවතී අතර කතාබහ දුර දිග ගිය අතර ප්‍රභාවතී නිවසින් පිටව ගියේ ඉතාලියේ සිට නැවත මෙරටට පැමිණ ඉන්දික හමුවීමේ බලාපොරොත්තුවෙනුයි.
 
පසුව මෙරටට පැමිණි ප්‍රභාවතී, කොටදෙණියාවේ පිහිටි තමාට අයත් අක්කර තුනක ඉඩම හා නිවසේ ළමා නිවාසයක් පවත්වාගෙන යාමේ ආශාව ඉන්දිකට කී අතර ළමා නිවාසයේ භාරකත්වයද ඉන්දිකට ලබා දෙන බව පැවසුවා. ළමා නිවාසයේ භාරකාරිත්වය තමාගේ නමට ලියා දෙන ලෙස ඉන්දික ඇයගෙන් ඉල්ලීමක් කළ අතර ප්‍රභාවති ඊට කැමැත්ත පළ කර තිබුණේ නොසතුටිනුයි. නැවත පැමිණෙන බව කියමින් ප්‍රභාවතී ඉතාලිය බලා පිටත්ව ගියා.
 
පසුගිය පෙබරවාරි මස 26 වැනිදා තමන් පැමිණෙන බව ප්‍රභාවතී දැනුවත් කළ අතර ඒ අනුව කටුනායක ගිය ඉන්දික ඇයව වැලිපින්න ගහමුල පන්නරේ ප්‍රදේශයේ තම මිතුරෙකුගේ නිවෙසක ඇය නතර කර තැබුවා.
 
මෙම නිවසේ ඔවුන් දින තුනක් රැඳී සිටි ඇති අතර නිවසේ නිවැසියන් පිංකමකට සහභාගි වීම පිණිස පිටව ගිය අතර නිවසේ සිටියේ ප්‍රභාවතී හා ඉන්දික පමණයි.
 
ඉන්දික ප්‍රභාවතීට හොරෙන් කොටදෙණියාවේ ඉඩමේ ඔප්පුව පරීක්ෂා කළා. එහෙත් එම ඔප්පුව ප්‍රභාවතී විසින් වෙනත් පුද්ගලයන්ගේ ද නමට ලියා ඇති බව ඉන්දික දැනගත්තේ ඉන් අනතුරුවයි. මේ ගැන ප්‍රභාවතීගෙන් විමසූ ඉන්දිකට ඇය පිළිතුරු දුන්නේ සැරෙන්. මේ අනුව දෙදෙනා අතර බහින්බස්වීමක් ඇරඹුණු අතර අධික කෝපයෙන් පසුවූ ඉන්දික එල්ල කළ පහරින් ප්‍රභාවතී බිම ඇද වැටුණා. ඇය සිහිසුන් බව ඉන්දික සිතුවත් ඇයට සිහි එන බවක් පෙනෙන්නට නොතිබුණු නිසා ප්‍රභාවතී මියගොස් ඇති බව ඉන්දික වටහා ගත්තා.
 
මහත් පරිශ්‍රමයක් දරා ඇය ඔසවා ගත් ඉන්දික ඇගේ සිරුර ත්‍රීරෝද රථයේම පටවාගෙන එදින රාත්‍රියේම පරපන්මුල්ල වැව දෙසට ගමන් කළා. ඒ අතුරු මාර්ගයක් ඔස්සෙයි.
 
වැවට කිට්ටුව රථය නැවතූ ඉන්දික වැව අසල ඇගේ සිරුර තබා ඇය ඇඳ සිටි සල්වාරයේ කොටසක්ද කොට්ටයක්ද ඇගේ මුහුණට තබා පෙට්‍රල් වක් කළා.
 
ප්‍රභාවතීගේ සිරුර ගිනි ජාලාවක් බවට පත්වෙද්දි ඉන්දික එතැනින් පලා ගියා. පොලීසියට කොටු වන තුරුම ඉන්දික භාවිතා කර ඇත්තේ මිතුරා ජනිත්ගේ රියදුරු බලප්‍රතය බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වුණා. ජනිත් හා ඉන්දික මුහුණුවරින් සමාන වීම නිසා මෙසේ සිදුකර ඇති බවද හෙළි වුණා. ජනිත්ගේ බිරිය සමඟ අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගිය ඉන්දික පසුව ඔහුගේ බිරිය අඹුකමට තබාගෙන සිට ඇති බවත් මේ දෙදෙනා මේ නිසා විරසකව ඇති බවත් පොලීසිය පසුව අනාවරණය කරගත්තා.
 
ප්‍රභාවතීලේ අබිරහස් මරණය පොලීසිය අනාවරණය කරගත්තේ මෙසේයි.
 
'මිහිර විජේසේකර'
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top