Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
20
ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාව අද යළි රැස්වෙයි, සාක්ෂි ලබාදීමට අබ්දුල් රාසික්

- ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාව අද යළි රැස්වෙයි, සාක්ෂි ලබාදීමට අබ්දුල් රාසික්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,629 Views
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි විමසන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් කැඳවා තිබෙනවා.
 
අද පස්වරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්වන අතර, එහිදී ඔහුට අමතරව කාත්තන්කුඩිය ප්‍රදේශයේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින්ද සාක්ෂි ලබාගැනීම සඳහා කැඳවා ඇති බව සඳහන්.
 
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි විමසන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඊයේ රැස්වුණේ මෙතෙක් ඉදිරිපත් වූ සාක්ෂිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහායි.

මීට පෙර මෙම තේරීම් කාරක සභාව හමුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ජාතික බුද්ධි ප්‍රධානී ධුරයෙන් මෑතකදී ඉල්ලා අස්වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මවුලවිතුමන්ද සාක්ෂි ලබාදුන්නා.
 
ඊට අමතරව පෙරේදා කාත්තන්කුඩි පොලීසියේ වත්මන් ස්ථානාධිපතිවරයා සහ හිටපු ස්ථානාධිපතිවරයා, කාත්තන්කුඩි සුෆී මුස්ලිම් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන මොහොමදු සෙයිලාන් මවුලවිතුමන්ද සාක්ෂි ලබාදුන්නා.
 
කෙසේ වෙතත් තේරීම් කාරක සභාව හමුවේ කාත්තන්කුඩි පොලිිසියේ වත්මන් සහ හිටපු ස්ථානාධිපතිවරුන් ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා ඊයේ පැවති මාධ්‍ය හමුවලදි අදහස් පළ කළා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top